ඉන්දියාව ගැන සැකයක් ඇතිකර නොගන්නා ලෙස ඉන්දීය විදේශ ඇමැති චීනයට කියයි

363


ඉන්දියාව සමග චීනයට ද්විපාර්ශවික සබඳතා ඉදිරියට පවත්වාගෙන යාමට කිසිදු සැකයක් ඇති කරගත යුතු නැතැයි ඉන්දීය විදේශ ඇමැති ජයිෂන්කර් මහතා පවසයි.සිංගපූරුවේදී පැවැති නව ආර්ථික පිබිදීම පිළිබඳ සමුළුවේදී හෙතෙම මේ බැව් පැවසීය.අප සිටින්නේ කොතැනදැයි කියා අප දන්නවා.ඒ ගැන සැකයක් ඇති කර ගත යුතු නැහැ.අප දෙපාර්ශවය අතර පවතින නරක පැල්ලම් ඉදිරියට ගෙන යායුතු නැහැ.ඔවුන් අපේ ගිවිසුම් කඩ කරමින් ක‍්‍රියා මාර්ග ගෙන ඇත.ඒ සඳහා විශ්වාසනීය පැහැදිලි කිරීමක් කළ යුතුයි.නිහඩ බවින් පෙනී යන්නේ එය නැවත සිතා බැලීමක් බවයි.දේශ සීමා අර්බුදය සම්බන්ධව ඉදිරියේදී දෙපාර්ශවයම විසඳුම් සෙවිය යුතුයි.අපේ පැහැදිලි කිරීම් වල අඩුවක් නැහැ.එනිසා චීනයට චකිතයකින් තොරව අප සමග කටයුතු කළ හැකියි.ඒ සඳහා චීන ජනාධිපති ෂී ජින් පින් මහතාට අවශ්‍ය තරම් කාලය තිබේ යැයිද ඒ මහතා පැවසීය.


advertistmentadvertistment