නීලා තම ජීවිතය පිළිබඳ කළ ආත්ම කථනය – වියෝ ගී ගැයෙනා හදේ ආදර මල් නොමියේ

2195

මා ඉපදී ඇත්තේද වත්තලය. එකල දරුවන් පාසලට ඇතුළු වූයේ අවුරුදු තුනේදීය. ඒ පහළ බාලාංශයටය. මගේ වයස අවුරුදු තුනක් වුවත් මාහට ඇවිදීමේ හැකියාවක් තිබුණේ නැත. ඒ අනෙකක් නිසා නොව ඉපදී හයමසක් ගතවෙද්දී පෝලියෝ රෝගයට මා ගොදුරු වූ බැවිනි. එකල මා මගේ අම්මා හා තිබූ බැඳීම කෙතරම්දැයි කීවොත් ඇයට වැසිකිළියට පවා යන්නට සිදුවූයේ මා සමගය.

 ජීවිතය යනු නොයෙකුත් හැලහැප්පීම්වලට මුහුණපාමින් දුක හා සතුට විඳිමින් නින්දා ප‍්‍රශංසාවලට ලක්වෙමින් යන ගමනේ තාවකාලික නවාතැන් පොළක් යැයි මට සිතේ. එවන් වූ ජීවිතය මෙතරම් දුරක් හෝ රැුගෙන ආවේ ගීතය විසින් යැයි කිවහොත් එය නිබොරු බව සත්‍යයකි.

නීලා තම ජීවිතය පිළිබඳ කළ ආත්ම කථනය - වියෝ ගී ගැයෙනා හදේ ආදර මල් නොමියේ


එබැවින් මගේ ජීවිතය හා ගීතය එකක්මැයි මම ඉතා සතුටින් කියමි.

 මගේ සංගීත ජීවිතයේ තිස් එක් වසර පියමං කරන මේ මොහොතේ ජීවිතය දෙස ආපසු හැරී බලද්දී සුන්දර හා අසුන්දර වූ මතක සටහන් මගේ මතකය අවදි කරයි.

 දොන් ෆ‍්‍රැන්සිස් වික‍්‍රමසිංහ නම් වූ මගේ පියා වෙළෙඳ ව්‍යාපාරිකයෙකි. උපතින් කතෝලිකයෙක් වූ ඔහු ගී ගැයීමේ හා රඟපෑමේ දස්කම් ඇත්තෙක් විය. පොල්ගස් ඕවිටට නුදුරු කෝඳුරාව නම් ග‍්‍රාමයේ උපන් ගැමි කතක් වූ බෞද්ධාගමට අයත් මගේ මව විතානආරච්චිගේ දෝන යසවතී ගුණසේකර නම් වූවාය. ඇයට ද ගැමි කව් ආදිය ඉතා අලංකාරයට ගැයීමේ සහජ හැකියාවක් තිබිණ.

නීලා තම ජීවිතය පිළිබඳ කළ ආත්ම කථනය - වියෝ ගී ගැයෙනා හදේ ආදර මල් නොමියේ

පිරිමි සහෝදරයන් නැති අපේ පවුලේ කෝකටත් සිටියේ අක්කාත් මමත් පමණි. ඇය නමින් දෝන අරුණි රීටා නන්දනී වික‍්‍රමසිංහ වූවාය. මම පවුලේ බාලයා නොහොත් බඩපිස්සී වීමි. අක්කාටත් මටත් ගී ගැයීමේ හැකියාව ලැබුණේ අපගේ දෙමව්පියන්ගෙන් යැයි මම සිතමි. එවකට අප සිටියේ පියාගේ ගම වූ වත්තලය. මා ඉපදී ඇත්තේද වත්තලය. එකල දරුවන් පාසලට ඇතුළු වූයේ අවුරුදු තුනේදීය. ඒ පහළ බාලාංශයටය. මගේ වයස අවුරුදු තුනක් වුවත් මාහට ඇවිදීමේ හැකියාවක් තිබුණේ නැත. ඒ අනෙකක් නිසා නොව ඉපදී හයමසක් ගතවෙද්දී පෝලියෝ රෝගයට මා ගොදුරු වූ බැවිනි. එකල මා මගේ අම්මා හා තිබූ බැඳීම කෙතරම්දැයි කීවොත් ඇයට වැසිකිළියට පවා යන්නට සිදුවූයේ මා සමගය.

 මා පාසලට ඇතුළු වූ මුල්ම දිනය අද සිහිගන්වන විට නොදැනීම මගේ මුවඟට සිනහවක් නැගේ. අම්මා මාත් වඩාගෙන අක්කාත් අතින් අල්ලාගෙන

 කිරිමැටියාගාර විදුහලට මා රැුගෙන ගොස් විදුහල්පතිනියට (මදර්* බුලත් දී වඳින්නට කීවාය. වඳිනු වෙනුවට මා කළේ මොහොතකට හෝ අම්මාගෙන් ඈත් වන්නට වේය යන බිය නිසා මහ හයියෙන් හැඬීමයි. එවිට විදුහල්පතිනිය (මදර්* මා වඩාගෙන අල්මාරියක් ළඟට ගෙන ගොස් එහි දොර ඇරියාය. මගේ ඇඬීම කොහෙන් ගියාද නැත. එහි තිබුණේ සෙල්ලම් බඩුය. ඉන්පසු සෑම දිනකම මා පාසල් ගියේ ඉතා ආසාවෙනි. උනන්දුවෙනි.

නීලා තම ජීවිතය පිළිබඳ කළ ආත්ම කථනය - වියෝ ගී ගැයෙනා හදේ ආදර මල් නොමියේ

මෙසේ කාලය ගතවෙද්දී අක්කා හෙමින් හෙමින් ගීත ගයනු අසා ඒ අයුරින්ම ගැයීමට මමද උත්සාහ කළෙමි. එහෙත් සමහර තැන් අක්කාට මෙන් ගයන්නට මට නොහැකි විය. වරද්ද වරද්දා හෝ මම නිතර ගීත මිමිනුවෙමි. එහෙත් තාත්තා බීමත්ව ගෙදර එන දිනවලදී ගීත මිමිනූ බවක්වත් මට මතක නැත. ඒ අපි ඔහු බීමත්ව සිටින විට බියවූ බැවිනි. එක් දිනක් බීමත්ව සිටි තාත්තා මොකක්දෝ සුළු වරදක් ගෙන අපත් සමග අම්මාගේ ගමට ආවේය.

 ඉන්පසු 1954 මැයි මස 21 වන දින අක්කාත් මමත් කැස්බෑවේ රජයේ ප‍්‍රාථමික මිශ‍්‍ර පාසලට ඇතුළු වූයෙමු.

 මගේ ජීවිතය ගීතය හා බැඳුනේ එතැන් සිටය.

 ”මට මතකයි මට මතකයි පුංචි බබෙක් මං”

 එවකට එම පාසලෙහි සංගීත ආචාරිනිය වූ අමරා අතුකෝරළ ගුරු මෑණියන් මිහිරි සිහින් හඬින් මට කියාදුන් ඒ ගීතය තවමත් හදවතෙහි දෝංකාර දෙනු මට දැනේ. ක‍්‍රමයෙන් අනිකුත් විෂයයන්ට වඩා සංගීතය මගේ පි‍්‍රයතම විෂයය බවට පත්වූයේ මටත් නොදැනීමය. සංගීත පාඩම් ඉතා ඉක්මණින්ම මගේ මනසෙහි රැුඳුනි. වරක් හෝ දෙවරක් ගැයූ සැණෙකින් ගීත කටපාටම් විය.

 මේ කාලයේදී මා පාසලට වඩාගෙන ගියේ අපගේ අසල්වැසි ‘ලූයිස ආච්චි’ විසිනි. ගෙදර සිට පාසලට දුර හැතැප්මයකි. ඇය මා පාසලට ගෙන ගොස් පුටුවක වාඩිකොට පාසල ඇරුනාට පසු නැවත මා රැුගෙන ආවාය. මේ වනවිට අඩියක් දෙකක් පමණ අවිදීමේ හැකියාව මට තිබිණ. එහෙත් ඇවිදින්නට ගොස් දවසට සිය වතාවකටත් වඩා වැටුණු හැටි තවමත් මගේ මතකයෙන් ඈත් නොවේ. කොතරම් වැටුනද තුවාල උනද මා ‘ම්හ්’ කීවේවත් නැත. ඒ අනෙක් ළමුන් මෙන් ඇවිදින්නට තිබූ ආසාව නිසාමය. නැතුව නොරිදුනු නිසා නම් නොවේ.

 දිනක් තාත්තාගේ කඩ බක්කියේ වැඩ කළ මහතුන් මාමාගේ ම`ගුල් ගෙදර අපි ගියෙමු. කොළඹ සිට මාතර දක්වා යනතුරුම අක්කාත් මමත් කාරෙකෙන් ඔළු එළියට දමාගෙන මහ හඬින් සිංදු කීවෙමු. අපේ කට නැවතුනේ මාතර ම`ගුල් ගෙදරට ළඟාවූ පසුවය. එම නිවස පිහිටා තිබුණේ මුහුදට නුදුරුවය. පසුවදා උදේ මුහුදු වෙරළේ මා වාඩිකොට අනිත් අය මුහුදේ තරමක් ඈතට ගොස් නෑවෝය. ගත වූයේ ටික වේලාවකි. වෙරළට ආ රැුල්ලකින් මා මුහුදට ගසාගෙන ගියේය. වැඩිහිටි අයෙක් මා ගොඩට ගෙනැවිත් තුවායකින් ඔතා වඩාගෙන ගෙදර ගෙනාවේය. ඉන් බියට පත්වූ අම්මා ඉන්පසු කිසිම දිනෙක අම්මාගෙන් ඈතට මා නොයැවුවාය. මෙවැනි දෑ වලින් මා ලැබුවේ බියමුසු වූ සතුටකි.

 මේ කාලයේදී මුළු දවස පුරාම හඬ නගා ගී ගැයීම මට පුරුද්දක්ව තිබිණ. කුමන වැඩක යෙදී සිටියත් මගේ කටට නම් ඉස්පාසුවක් නොවීය.

 ක‍්‍රමයෙන් ලූයිස ආච්චි සමග පාසල් යන්නට මා මැළිවූයේ ඇය ඉතා අපහසුවෙන් මා වඩාගෙන යනු මට වාවන්නට නොහැකි වූ නිසාත් එසේ යෑම මට ද අපහසුවක් වූ නිසාත්ය.

 ඉන්පසු අක්කාත් මමත් පාසල් ගියේ කිරිනේලිස් රාළහාමිගේ බක්කි කරත්තයෙනි. එහෙත් එක් දිනක් කරත්තයෙන් බසින්නට ගොස් එක් ළමයෙක් වැටුනු බැවින් අම්මා බියවී එතැන් පටන් මාමාගේ පා පැදියේ මා පාසල් යැව්වාය. නමුත් තනිව ඇවිද යන්නට හිතේ තිබූ බලවත් ආසාව දවසෙන් දවස වැඩිවූවා මිස අඩුවූයේ නැත. එහි මල්ඵල ගැන්වෙන දිනය උදාවිය. එදින අක්කාත් මමත් හැතැප්මයක දුර පයින්ම පාසලට ගියෙමු. පන්තියට ඇතුළුවන විට මගේ ගවුම දහදියෙන් බත්වී තිබිණ. එහෙත් මට දැනුනේ අප‍්‍රමාණ සතුටකි. එතැන් පටන් අක්කාත් මමත් පාසලට ගියේ පයින්ය. මේ ගමනේදී ද මා වැටුනු වාර අනන්තය. පසුව ක‍්‍රමයෙන් බසයෙන්ද යන්නට මට හැකි විය.

 දැන් පාසලේ ගුරුවරුන් ඇතුළු සිසු සිසුවියන් මා හඳුනති. සමහර දිනවල විවේකයේදී ගුරුභවතුන් මා ඔවුන්ගේ විවේකාගාරයට ගෙන්වා ගී ගයන්නට කියති. මමද ඉතා සතුටින් එය ඉටු කළෙමි.

 ”සඳුන් ගසේ සමන් වැලක් එතෙන්නේ – නඳුන් වනේ සිසිල් සුවය සොයන්නේ”

 කිසිම සබකෝලයකින් හෝ පැකිලීමකින් තොරව මා ගැයූ ගී ගම පුරා යකඩ කටින් ඇසෙන විට මට දැනුනේ අප‍්‍රමාණ සතුටකි.

 දිනක් මා හට අමතක නොවන රසවත් සිදුවීමක් විය. ප‍්‍රධාන පාරට මුහුණලා තිබූ අපගේ අසල්වැසි නැපෝ සිඤ්ඤෝ අයියලාගේ මඟුල් ගෙදර යකඩ කට හැඬවෙනු මට ඇසින. මා ඇඳ සිටි ගවුමේ උරහිසද ඉරී තිබිණ. මට එහි වගක් නොවීය. සුපුරුදු විලස මා නැවතුනේ මයික‍්‍රෆෝනය අසලය.

 ”රුවන් වලා දුහුල් කඩින් – පෙරී සඳේ රිදී කැළුම් තුෂාර හාර හා එතී – ගලා හැලෙනවා.”

 ගීතය ගයා නිමකරනවාත් සමගම කවුදෝ සුදු උස මහත්මයෙක් තවත් මහත්මයෙක් සමග මා සිටි තැනට ආවේය. මා ගැයූ ගීතය පටියකට ගන්නට කැමති බව කී ඔවුන් ප‍්‍රධාන පාරේ නවතා ඇති ඔවුන්ගේ වෑන් රථය වෙත මා කැඳවාගෙන ගියහ. වෑන් රථය තුළ මොන මොනවාදෝ යන්ත‍්‍ර තිබුණි. මඟුල් ගෙදර වගේ මයික‍්‍රෆෝනයක්ද තිබිණ. ඔවුන් මට ගීතය ගයන්නට කියා රවුම් දෙකක එතූ පටි දෙකක් කි‍්‍රයාත්මක කළේය. පසුව එය මට අසන්නට සැලැස්විය. මගේ පී‍්‍රතිය නිම්හිම් නොවීය. ඉන්පසු ලිපිනයක් හා දිනයක් දී කටහඬ පරීක්‍ෂණයකට එතැනට එන්නට කීවේය.

 එදා මා හමුවූ එම තැනැත්තා අන් කවරෙකුවත් නොව ”සිසිර” අයියාය. සිසිර සේනාරත්නය. අනෙක් තැනැත්තා ”ජෝර්ජ්” අංකල්ය. වඩුගේ ජෝර්ජ් එඞ්වඞ් ප‍්‍රනාන්දුය. ඔහු එවකට රැුකියාව කර තිබුණේ ජර්මන් තානාපති කාර්යාලයේ චිත‍්‍රපට අංශයේ බවත් එදා මගේ ගීත පටිගත කළේ ටේප් රැුකෝඩරයක බවත් කටහඬ පරීක්‍ෂණය සඳහා මට එන්නට කියා තිබුණේ හැඳල විජය චිත‍්‍රාගාරයට බවත් පසු කලෙක මම දැන ගතිමි.

 ලෙඩ දුකෙන් පෙළුණ ද අද මෙන් නොව අපගේ කුඩා අවදිය අතිශයින්ම සුන්දර විය. පාසල ඇරී ගෙදර ආ විගස බත් කා අක්කාත් මමත් අම්මා සමග එළවළු කොටුවට යන්නෙමු. සවස් වනතුරුම එහි වැඩ කරන අපි ඇලෙන් නා කුඹුර මැදින් නියර දිගේ දුවමින් ”සරාගොයිය හරි මිනිහා, දවසක් දඩයමේ ගියා” කියමින් රඟපාමින් වැටෙමින් නැගිටිමින් ඉතා සතුටින් ගෙදර එන්නෙමු. සමහර දිනෙක වක්කඩෙන් මාළු අල්ලන්නට ගොස් අම්මාගෙන් බැණුම් ද ඇසුවෙමු. සෙල්ලම් ගෙවල් තනා බත් උයා පින්න කොළයට බෙදා අම්මාට දුන් විට අම්මා බොරුවට කන බව අඟවා ‘හරි රසයි’ කියූ විට අපි සතුටු වුනෙමු. ගෙදර ඇතිකළ සතෙක් බලූ පැටවා හෝ ලේනා මැරුණ විට රෙදිවල ඔතා පෙට්ටියක දමා ටින්වලට බෙර ගසමින් වත්තේම තැනක වළදමා මල්වලින් සරසා අඬමින් ගෙදර එන්නෙමු. ?ට වෙස්සන්තර ජාතකයේ කවි කියමින් දුක් වූයෙමු. ඒ ළමා ලෝකය කෙතරම් සුන්දරද?

 දවල් එසේ ගතකරන අක්කාත් මමත් පාඩම් කළේ රාති‍්‍ර කාලයේදීය. මේසය උඩට නැග මැදින් චිමිනි ලාම්පුව තබා දෙන්නා දෙපැත්තේ සිට අපි පාඩම් කළෙමු. මේ අතරතුරදී ද හිටිගමන් මහ හඬින් සිංදුවක් කියන්නට මට සිතේ. අක්කා පාඩම් කරන්නට නොහැකිව මුහුණ පුළුටු කරගත් විට මගේ කටද වැසී යයි. සමහර දිනෙක පාඩම් කිරීම පැත්තක තබා අඟුරු කැටයකින් හෝ හුණු කෑල්ලකින් අපගේ හෙවණැලි දෙක බිත්තියෙහි ඇඳ දිග නාසය ඇත්තේ කාගේ දැයි බලන්නෙමු. මේවා කරන අතරම කුස්සියට ගොස් අම්මාට තනි රකින්නටත් මම අමතක නොකළෙමි. දිනක් පාඩම් කරන අතරතුර චිමිනියට උඩින් අත දික්කොට අක්කාගෙන් මකනය ගන්නට ගිය විටදි අත පිළිස්සී ඇතිවූ තුවාල කැළල තවමත් මගේ අතේ ඇත. මේ සියල්ල මගේ මනසෙහි සටහන් වී ඇත්තේ ඉතා මිහිරිතම අත්දැකීම් ලෙසය.

 මෙසේ කාලය ගෙවෙද්දී අක්කා පිළියන්දල මධ්‍ය මහා විiාලයට ඇතුළු වූවාය. වෙනදා මෙන් නොව අලූත් අලූත් ගීත අක්කා ගයනු මම අසා සිටියෙමි. එවකට ඇයට සංගීතය ඉගැන්වූයේ ආනන්ද ජයසිංහ ගුරුතුමාය. අක්කා ගැයූ එම ගී මමද ගයන්නට පුරුදු වූයෙමි.

 සංගීතය කෙරෙහි වූ මගේ ඇල්ම තව තවත් වැඩිවන්නට විය. එස්. එස්. සී. ප්‍රෙප් පන්තියට සමත් වීමත් සමගම මම කැස්බෑව විදුහලෙන් සමුගෙන ‘මාම්පේ ශී‍්‍ර ශෝභිත මහා විදුහල’ ට ඇතුළු වූයෙමි. මා පාසලින් සමුගන්නා දවසේ මගේ සංගීත ගුරුතුමියගේ දෙනෙත් කඳුලින් තෙත් වූ හැටි අද ඊයේ මෙන් මට මතකය.

 1998 ඇමෙරිකානු එක්සත් ජනපදයේ ‘ලොස්ඇන්ජලීස්’ හිදී පැවැත්වූ මගේ ‘පාරමි’ ගී ප‍්‍රසංගය නැරඹීමට පැමිණි ඇය වේදිකාව මතදී මා වැළඳගෙන හැඬුවේ එදා මෙන්ම මට දැක්වූ දයාව, කරුණාව, ආදරය පෙරදැඩි කොටගෙනය. එය මට සතුට දනවන දුකක් විය.

 අලූත් පාසලේ සංගීත විෂයය මා බලාපොරොත්තු වූ අයුරින් නොවුනු බැවින් මම මහත් කනස්සල්ලට පත්වීමි. මේ අතර අක්කා ඉගෙනුම ලැබූ පිළියන්දල මධ්‍ය මහා විiාලයේ පැවති සිසුන් ඇතුළත් කර ගැනීමේ පරීක්‍ෂණයට මම පෙනී සිටියෙමි. මගේ වාසනාවට මම ඉන් සමත්වීමි. සති දෙකක ඉතා කෙටි කලකින් මාම්පේ විදුහලින් සමුගනිද්දී විදුහල්පතිතුමා කියූ වදන් දැනුදු මට සිහිපත් වේ. ‘වසර කීපයක් ආපස්සට අඩිය තැබීමෙන් මේ ළමයා කරන්නට යන්නේ ලොකු මෝඩකමක් එහෙත් සංගීතය කෙරෙහි තිබූ දැඩි ඇල්ම නිසාම එස්. එස්. සී. ප්‍රෙප් පන්තියේ සිටි මම පිළියන්දල මැදි විදුහලේ හයවන පන්තියට එනම් වසර තුනක් පහල පන්තියට ඇතුළු වූයෙමි.

 ආනන්ද ජයසිංහ ගුරුතුමා මගේ සංගීත ගුරුතුමා විය. ඔහුගේ ගායනය ඉතා පි‍්‍රයජනක විය. සිසුන් හා වැඩි සමීපතාවයක් නොතිබූ ඔහුගේ මුහුණේ සිනහවක් දුටුවේ කලාතුරකිනි. දෑඟිල්ලෙන් තම ඇහිබැම පිරිමදිමින් අපට පාඩම් කියා දෙන ගුරුතුමා කෙරෙහි මා තුළ වූයේ බියමුසු ගෞරවයකි. මේ පාසලේදී ද ගුරු මහත්ම මහත්මීන් මගෙන් ගීත අසන්නට පුරුදුව සිටියහ.

 ”මහද නමැති වන බඹරා – ළං වී කනට ඔබේ – ආදරේ කියයි මෙසේ ම්හ් ම්හ් ම්හ්”

 කටහඬ මාරුකරමින් එම ගීතය එදා ගුරු විවේකාගාරයේදී ගැයූ අයුරු මතකයට නැංවෙන විට මට සතුටක් සමග සියුම් ලජ්ජාවක් ද දැනේ.

 හේමවතී ගුරුතුමිය සාහිත්‍ය පාඩමේදී කව් ගායනා කරවීම සඳහා මා පන්තියෙන් පන්තියට ගෙන ගියාය. පාසලේ සාහිත්‍ය සමිතියේ සහ බෞද්ධ සමිතියේ මා ගීතයක් නොගැයුවා නම් ඒ ඉතා කලාතුරකිනි. පාසලේ විවිධ ප‍්‍රසංග, පාඨශාලාන්තර තරග, සමස්ත ලංකා ගායනා තරග ආදියේදී මගේ ගුරුතුමා අනිවාර්යයෙන්ම මා සහභාගි කරවීය.

 ගමේ ම`ගුල් ගෙවල්වල ජයමංගල ගාථා ගයන්නට මමත් අක්කාත් රෝහිණී විජේසූරිය නම් වූ මගේ මිතුරියකුත් නිතරම ගියහ. අප ඉතා ආදරය කළ පද්මක්කාගේ මඟුල් ගෙදරද ජයමංගල ගාථා ගැයුවේ අක්කාත් මමත්ය. ඇගේ මනමාලයා මුහුණේ සිනා කඳුලක්වත් නොවූ තැනැත්තෙක් වූ බැවින් ගෙදරට එනතුරුම අක්කා බැන බැන ආවාය. අද එය සිහිපත් වනවිට මට සිනහ නැගෙන්නේ ඔහු අපගේ සහෝදර කලාකරු රෝහණ බැද්දගේ බැවිනි.

 1963 සහ 1964 යන වර්ෂ දෙකේදීම සමස්ත ලංකා ඒකල ගායනා තරගයේ කනිෂ්ඨ ඒකල ගායනා ශාස්ත‍්‍රීය අංශයෙන් මට ප‍්‍රථම ස්ථානය හිමිවිය. පිට පිට වර්ෂ තුනක් ප‍්‍රථම ස්ථානය හිමිකර ගන්නා පාසලට අභියෝගතා පළිහ පිරිනැමෙන බැවින් 1965 වසර සඳහා ද මගේ ගුරුතුමා තරගය සඳහා මා පුහුණු කරවීය. තරගයට කළින් දින ද පුහුණුවීම් කටයුතු සඳහා එන ලෙස දැන්වූ බැවින් සුජාතා කස්තුරිආරච්චි නම්වූ මගේ ළඟම මිතුරිය සමග මම සංගීත කාමරයට ගියෙමි.

 ‘පටන් ගන්න’ ගුරුතුමාගේ නියෝගය ලැබිණ. ස‍්‍රැති පෙට්ටිය, වාදනය කරමින් මම ‘ස’ කියන්නට තැත් කළෙමි. එහෙත් කටහඬ පිටවූයේ නැත. කීප වරක් උත්සාහ කළද කටහඬ පිටවූයේ නැත. විනාඩි පහක් යන්නට මත්තෙන් ‘නීලාට කතා කරන්න බෑ’ පාසල පුරාම රාවය පැතිරිණ. ගුරු භවතුන්ගෙන් හා

 සිසුන්ගෙන් ලද ප‍්‍රතිකාර වලින් කිසිදු සුවයක් නොලද බැවින් මම පාසල ඇරී ඉතා කනස්සල්ලෙන් ගෙදර ආවෙමි. අම්මාද අත් බෙහෙත් දෙමින් ‘හෙට උදේ වෙනකොට හොඳවෙයි පුතේ’ කියමින් මා අස්වසාලීය. බෙහෙත් බොන අතර වරින් වර ස‍්‍රැති පෙට්ටිය වාදනය කරමින් ‘ස’ කියන්නට උත්සාහ කළෙමි.

 රාතී‍්‍ර නවය පමණ වනවිට යන්තමින් ‘ස’ ස්වරය ගයන්නට මට හැකිවිය. ඒ මොහොතේම හෙට තරගය සඳහා යන්නට අප එන බව මාමා අත ගුරුතුමාට දන්වා යැවුවෙමි. පසුදා පහන්වූ සැණින් අක්කාත් මමත් ආනන්ද ජයසිංහ ගුරුතුමා සහ හේමවතී ගුරු මහත්මිය සමග තරගය පැවැත්වෙන ලූමිබිණි මහා විiාලයට ගියෙමු. මගේ වාරය එළඹෙනවිට කටහඬද ක‍්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබිණ. වේදිකාව මත ඉඳගත් මම ස‍්‍රැති පෙට්ටිය වාදනය කරමින් ආලාප කිරීම ආරම්භ කළෙමි. මෙතෙක් වේලා පැවති ශබ්ද නැවතී මහත් නිශ්ශබ්දතාවයක් ශාලාව පුරා පැතිරී ගියේය.

 ‘ගලායේ කෝමල ගීත ගයා – මනහර ගංගා මනහර යමුනා – භාරත මව සනසා’

 පිලූ රාගයට අයත් එම ශාස්තී‍්‍රය ගීතය ගයා අවසන්වනවාත් සමගම ශාලාව පුරා අත්පොලසන් හඬ නැගිණි. මට දැනුනේ සතුටකි.

 ‘ප‍්‍රථම ස්ථානය වෙනුවෙන් හිමිවන අභියෝගතා පලිහ දිනාගන්නේ පිළියන්දල මධ්‍ය මහා විiාලයේ නීලා වික‍්‍රමසිංහ ශිෂ්‍යාවයි.’

 සමස්ත ලංකා ඒකල ගායනා ශාස්ති‍්‍රය අංශයෙන් මට ප‍්‍රථම ස්ථානය හිමිවී තිබිණ. ප‍්‍රතිඵල නිකුත් කෙරෙනවාත් සමගම කලාතුරකින් දැකිය හැකි මගේ ගුරුතුමාගේ සිනහ මුසු මුහුණ – දත් තිස් දෙකම දල්වා සිනාසුණු මුහුණ මට දැකගත හැකිවිය. ඒ මොහොතේ ලද සතුට අම්මා හා බෙදාගැන්මට ගෙදරට ආ නමුත් බීමත්ව ගෙදර ආ තාත්තාගෙන් ලත් ගුටිබැට නිසා එය කඳුලින් අවසන් විය. එය සුන්දර හා අසුන්දර වූ අත්දැකීමක් ලෙස මා මනසෙහි තැන්පත් වී ඇත.

 මේ කාලයේදී වින්සන්ට් සෝමපාල ගුරුතුමා විසින් නිකුත් කරන්නට යෙදුනු සංගීත ග‍්‍රන්ථ පිටපත් කර දුන්නේ මා විසිනි. එකම ග‍්‍රන්ථය සංශෝධනය කරමින් කීපවිටක් ලිවීමට සිදුවිය. ඒ හේතුවෙන් සංගීතයේ විiාව කොටස පිළිබඳ මනා අවබෝධයක් මා හට ලැබිණ.

 සියල්ල මේ අයුරින් ගෙවී යන අතරම මගේ පාදයේ ආබාධය වෙනුවෙන් කළ බේත් හේත් නොකඩවාම කෙරින. ආබාධිත පාදය හොඳින් තෙල්ගා ඉටි කවරයකින් ආවරණය කර ඊටත් උඩින් බැන්ඬේජ් එකකින් ඔතා මේස් සහ සපත්තු දමා මම පාසල් ගියෙමි. බොහෝ විට සවස පාසල ඇරී ගෙදර එන්නට බස් නැවතුමේ පෝලිමේ සිටින විට පිටුපසින් එන තල්ලූවක් නිසා වැටී තුවාලත් සමග ගෙදර එන්නට මට සිදුවිය. කසාය ආදිය ගැලූම් ගණන් බිව් බැවින් වතුර බොන්නා හා සමානව ඊට මා හුරුවී තිබිණ. මේ සියල්ල මට ජීවිතය ශක්තිමත් කර ගන්නට ධෛර්යයක් වූවා යැයි මම සිතමි.

 කුඩා අවධියේදී බොහෝ සිදුවීම් හිත තුළ තැන්පත් වීම අරුමයක් නොවේ. එවන් භාග්‍යමත් සිදුවීමක් මෙසේ සටහන් කරමි.

 පාසලේ පැවැත්වූ පi ගායනා තරගයකින් ප‍්‍රථම ස්ථානය දිනූ මා එතෙක් හඬ පමණක් අසා රුව නුදුටු අමරදේවයන් අතින් ත්‍යාග සහ සහතික පත‍්‍ර ලද මොහොත තවත් මගේ ජීවිතයේ සුන්දර වූ මතක සටහනක් ලෙස දැක්විය හැකිය.

 සංගීත ක්‍ෂේත‍්‍රයේ මුදුන් මුල බඳුවූ ඔහු හා කතාබහ කරන්නට ගීත ගයන්නට ඔහුට තනුවක් නිර්මාණය කර දෙන්නට එදා මම සිහිනෙන්වත් මට ලැබේ යැයි නොසිතූ දෑය. එහෙත් අද මට ඒ භාග්‍යය ලැබී ඇත.

 ආචාර්ය අමරදේව, සංගීත් නිපුන් සනත් නන්දසිරි සහ වික්ටර් රත්නායකයන් වැනි ප‍්‍රතිභාපූර්ණ කලාකරුවන් හා සමීපව ඇසුරු කරන්නට යුග ගීත ගයන්නට ඔවුනට තනු නිර්මාණය කරන්නට මට හැකි වූයේ මූලික වශයෙන් ඔවුන්ගේ නිහතමානීකම මෙන්ම මා කරන දේ පිළිබඳව ඇති දැඩි විශ්වාසය හා ගුරුවරුන්ගෙන් ලද ශාස්තී‍්‍රය දැනුම නිසා යැයි මම සිතමි.

 1966 දී පුවත්පතක පළවූ දැන්වීමක් අනුව චිත‍්‍රපට පසුබිම් ගායිකාවක තෝරා ගැනීමේ තරගයකට මමද සහභාගි වුනෙමි. ගීතය ගයන්නට පෙර සර්පිනාවට අනුව ගීතය පුහුණු වන්නට ඉඩ ලැබිණ. මගේ වාරයේදී සර්පිනාව වාදනය කළ සොයුරා මොකක්ද ස්කේල් එක යයි මගෙන් ඇසුවේය. මා දන්නා ස්කේල් එකක් නැත. මම සර්පිනාවේ ‘ස’ ස්වරයට වම්පසින් ඇති කළු කෑල්ලට ඇඟිල්ල තබා කෝමල නි ස්වරය පෙන්වූයෙමි. ගීතය පුහුණු කෙරිණ. තරගය පැවැත්වූයේ කැලණියේ සරසවි චිත‍්‍රාගාරයේය. පන්සිය පනස් පස්දෙනකු අභිබවමින් චිත‍්‍රපට පසුබිම් ගායිකාවක වීමේ වාසනාව මට හිමිවිය. ජීවිතයේ කවරනම් භාග්‍යයක්ද? චිත‍්‍රපටයක පසුබිම් ගීත ගැයීම – මට ඇදහිය නොහැකි දෙයක් විය. එසේ සංගීත දිවියේ තවත් කඩඉමකට මම ළඟා වුනෙමි.

 එදා මගෙන් ස්කේල් එක ඇසූ පුද්ගලයා අන් කවරෙකුවත් නොව දක්‍ෂ වයලින් වාදකයකු වන අපගේ සහෝදර ඞී. ඞී. ගුණසේන බව පසු කලෙක මම දැනගතිමි.

 1967 දී ගුවන් විදුලියේ ගීතයක් පටිගත කිරීමේ අවස්ථාව මට උදාවිය. ඩෝල්ටන් අල්විස් මහතා විසින් ලියන ලදුව ලයනල් අල්ගම මහතා විසින් සංගීතය නිර්මාණය කරදුන් ‘සැඳෑ අඹරේ නිශා මල් යට’ ගීතය මගේ මුල්ම ගුවන්විදුලි ගීතය ලෙස හැඳින්විය හැකිය. එය ගුවන් විදුලියෙන් ප‍්‍රචාරය වූ දිනය ජීවිතයේ අමරණීය දිනයක් ලෙස හද පත්ලෙහි සටහන් වී ඇත. සංගීත ජීවිතයේ ස්ථාවර ලෙස මුල් පියවර තබන්නට මට හැකි වුණේ එදා යැයි මම විශ්වාස කරමි.



 මෙසේ කාලය ගෙවී යද්දී ආනන්ද ජයසිංහ ගුරුතුමා උසස්වීමක් ලැබ පාසලින් ගියපසු අලූතින් සංගීතය සහ නැටුම් සඳහා ගුරුතුමන්ලා දෙදෙනෙක් අප පාසලට පැමිණියහ. ඒ සරත් දසනායකයන් සහ ගුණසේන රාජපක්‍ෂයන්ය. ඔවුන් දෙදෙනා ඉතා කුළුපග මිතුරන් බව පෙනින. ඉතා ඉක්මණින් එම ගුරුතුමන්ලා ද මට ආදරය විය. නිතර නිතර ගුවන් විදුලි වැඩසටහන් පාසල් නාට්‍යය විවිධ උත්සව ආදිය සඳහා ඔවුන් මා සහභාගි කරවීය.

 මේ ලෙස බොහෝ වතාවක් මගේ ගුරුවරුන් සමග ගුවන්විදුලියට ගොස් තිබූ නිසාත් කුඩා කල පටන්ම ඕනෑම කෙනකුට සිනහවෙන් සංග‍්‍රහ කිරීම මාහට පුරුද්දක්ව තිබූ නිසාත් ගුවන්විදුලියේ බොහෝ දෙනෙක් ඒ වනවිට මා සමග කුළුපඟ වී සිටියහ.

 මේ අතර චිත‍්‍රපටයක ගී ගැයීමට එන ලෙස මට දන්වා තිබුණි. අම්මාත්, මමත්, අක්කාත් කැලණියේ ‘සරසවි’ චිත‍්‍රාගාරයට සවස 6.00 ට පමණ ගියෙමු. සංගීත අධ්‍යක්‍ෂවරයා වූයේ පේ‍්‍රමසිරි කේමදාසයන්ය. ලතා අක්කා ගැයූ (ලතා වල්පොල මහත්මිය* ‘තවලම යනවෝ’ ගීතයට සහ එම්. එස්. අය්යා (එම්. එස්. ප‍්‍රනාන්දු මහතා* ගැයූ ‘රොන් රස බේරෙන මල් කෙමියේ’ ගීතයට අත්වැල් ගායනයෙන් සහභාගි වන්නට මට අවස්ථාව ලැබිණ. රාතී‍්‍ර 8.00 ට පමණ පටිගත කිරීම ආරම්භ විය.

 වාදක මණ්ඩලය එක් පසෙකද ලතා අක්කා එක් මයික‍්‍රෆෝනයක් ඉදිරිපිට ද අපි තවත් මයික‍්‍රෆෝනයක් ඉදිරිපිට ද සිට ගතිමු. සංගීත අධ්‍යක්‍ෂ පේ‍්‍රමසිරි කේමදාසයන්ගේ සංඥාවට පටිගත කිරීම ඇරඹිණ.

 .ීදබට භමපඉැර ධබැල ඔ්නැ ධබැ,

 වාදනය ඇරඹින ගතවූයේ ටික වේලාවකි. හදිසියේම ‘කට් කට්’ යනුවෙන් කේමදාසයන්ගේ හඬ ඇසිණ. එක්කෝ වාදක මණ්ඩලයෙන් එක්කෝ ගායක ගායිකාවන්ගෙන් නැත්නම් පටිගත කරන යන්ත‍්‍රයෙන් ආදී වශයෙන් සිදුවූ ප‍්‍රමාද දෝෂ නිසා පසුවදා උදේ 9.00 පමණ වන තුරුම පටිගත කිරීම සිදුකෙරිණ. (එදා ඕනෑම චිත‍්‍රපට ගීතයක් පටිගත කෙරුනේ එලෙසිනි.*

 හිටගෙන ඉඳලා වැඩිකමටම මගේ කකුල් දෙකද බෙරකොට දෙකක් මෙන් ඉදිමී තිබිණ. කෙසේ වෙතත් මෙතෙක් නොලද ඒ නුහුරු නුපුරුදු අත්දැකීමෙන් මා සියුම් මිහිරක් ලැබුවා පමණක් නොව එය මගේ මුල්ම චිත‍්‍රපට පසුබිම් ගායනා පටිගත කිරීම බැවින් සදා නොමැකෙන ලෙස එය මසිතෙහි සටහන් විය.

 ඉන් පසු මගේ ගුරුවර සරත් දසනායකයන්ගේ සංගීතයට අනුව ‘සිතිජය’ චිත‍්‍රපටයේ කවි දෙකක් ද පේ‍්‍රමසිරි කේමදාසයන්ගේ සංගීතය යටතේ ‘දෑස නිසා’ චිත‍්‍රපටයේ ’? නිදි පැදුරෙන් පිටවී – අතරමංව රැුඳුන හීන – මම කවදා දකිමිදෝ’ යනුවෙන් ඉතා කුඩා කොටසක්ද ගයන්නට මට අවස්ථාව ලැබිණ.

 ‘කළුදිය දහර’ චිත‍්‍රපටය සඳහා ‘මාස්ටර් සර්’ ගීතය ගයන්නට ලැබුණේ ඊටත් පසුවය. එහි මුල් පටිගත කිරීමේදී ගීතයේ කොටසක් තනිවම ද තවත් කොටසක් සාමූහිකව ද ගායනා කෙරිණ. මා කුඩා කල ගුවන්විදුලියේදී හමුවූ කරු අයියාගේ (කරුණාරත්න අබේසේකර මහතා* පද මාලාවක් වූ ‘මාස්ටර් සර්’ ගීතය මම ඉතා ආශාවෙන් ගැයුවෙමි. එයට තවත් විශේෂ හේතුවක් වූයේ එහි සංගීතය සැපයූ නිමල් මෙන්ඩිස් මහතාගෙන් ගීතය ගැයීමේදී ලද දිරිමත් කිරීම යැයි මම විශ්වාස කරමි.

 ප‍්‍රථම වරට චිත‍්‍රපටයකට තනි ගීතයක් ගායනා කිරීමේ භාග්‍යය ලැබුණේ ඉන් පසුවය.

 ‘වියෝගී ගැයෙනා හදේ – ආදර මල් නොමියේ’

 මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ පද මාලාව නිමල් මෙන්ඩිස් මහතාගේ සංගීතයට අනුව ඨත්‍ඹ චිත‍්‍රාගාරයේදී පටිගත කළ අයුරු මා මනසෙහි තදින්ම සටහන් වී ඇත. මෙම ගීතයෙහි තවත් විශේෂත්වයක් වන්නේ සුමිත‍්‍රා පීරිස් මහත්මිය අධ්‍යක්‍ෂණයෙන්ද වසන්ති චතුරානි රංගනයෙන්ද මම ගායනයෙන්ද (තනි ගීයක්* සහභාගි වූ ප‍්‍රථම චිත‍්‍රපටය ‘ගැහැනු ළමයි’ වීමයි.

 මෙතෙක් මා ගැයූ ගී ආර වෙනස් මගකට එනම් බටහිර ආරට නැඹුරුව ගැයූ ‘මාස්ටර් සර්’ සහ ‘වියෝ ගී’ ගීත තුළින් මා සංගීත ජීවිතයේ තවත් නව මංපෙතකට පිවිසුණා යැයි සිතමි. මේ ගීතවල දක්නට ලැබූ වෙනසක් වූයේ .්‍ය්රපදබහ ඡු්රඑි. යොදා තිබීමයි.

 ජන ගී ආර මෙන්ම බටහිර ආරටද ගැයීමේ හැකියාව මා තුළ ඇති බවට විශ්වාසයක් ගොඩනැගීමට මෙම ගීත ඉවහල් විය.

 දිනක් සංගීතය’ කාලපරිච්ෙඡ්දයේදී සංගීත පරීක්‍ෂකවරයෙක් ආවේය. ඔහු ගුරුතුමා සමග කතා කිරීමෙන් පසු ‘වැලපුම් කවියක් ගයන ලෙස මගේ ගුරුතුමා මට කීවේය. ‘රනේ රුවසෙ මව ලග උන් නංගී’ කවියේ තුන්වන පේලිය ගයා අවසන් වනවාත් සමගම අර පරීක්‍ෂකතුමා සංගීත කාමරයෙන් පිටවී ගියේය. එදා පැමිණි පරීක්‍ෂකතුමා මගේ ගුරුතුමා සමග අමනාපයෙන් සිටි බවත් තිස් පස් වසරක ඔහුගේ සේවා කාලය තුළදී දෑසට කඳුලක් නංවන්නට සමත් ලෙස ගායනයක් ඇසුවේ මගෙන් බවත් මගේ ගුරුතුමා (සරත් දසනායක මහතා) පැසසුමට ලක්කොට ඔහු විසින් ලියූ ලොග් සටහන ගුරුතුමාගේ උසස් වීමේදී ද රුකුලක් වූ බවත් මම පසු කලෙක දැන ගතිමි.

 දිනක් ගුවන් විදුලියේදී හමුවූ සහෝදර ගායිකා ඉන්ද්‍රානි පෙරේරා ඇය සමග ගමනක් යන්නට කතා කළාය. ඇගේ වාහනය නතර වූයේ මරදානේ .උ්ඛණ-ඍෂඔෑ. නම් වූ සපත්තු සාප්පුව ඉදිරිපිටය.

 මගේ කකුලට සරිලන ලෙස ඇය විසින් මට විශේෂ සපත්තු කුට්ටමක් තනවා දුන්නාය. සැබෑ කලාකරුවා යනු අනුන්ගේ දුක තමාගේ දුක ලෙස සිතන සියුම් හැඟීම් වලින් යුත් තැනැත්තෙක් බවත් එවන් කලාකරුවන් අප අතර ද සිටින බවත් මම එදා වටහා ගතිමි.

 1968.10.29 දින ශී‍්‍ර ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෙළෙඳ සේවයේ ‘බී’ ශ්‍රේණියේ සරල ගී ශිල්පිණියක ලෙස මම සමත් වීමි.

 ප‍්‍රථම සරල ගී පටිගත කිරීම සඳහා ඉතා උනන්දුවෙන් හා ආසාවෙන් පෙර සූදානමක් වීමි. ‘ඔබේ සුරතින් මගේ නළලේ තැබූ තිලකේ එදා හඳපානේ’ ඩෝල්ටන් අයියා (ඩෝල්ටන් අල්විස් මහතා) ලියූ ගීතය රැුගෙන අම්මාත් සමග රත්මලානේ බොරුපන පාරේ අමරදේවයන්ගේ නිවසට කීපවතාවක්ම ගොස් තනුව සකසා ගත් අයුරු අද ඊයේ සිදුවූ දෙයක් ලෙස මගේ මතකයේ ඇත. එදා පාසලේදී ත්‍යාග දුන් මහා කලාකරුවාණන් අතින් ගී තනුවක් නිර්මාණය කරගන්නට හැකිවීම මගේ තවත් සිහිනයක් සැබෑවීමක් විය. මේ කාලයේදී මට බොහෝ ගී තනු නිර්මාණය කරදුන් දෙදෙනෙකි. අතුල අයියා (අතුල සෝමසිරි මහතා) සහ නාරද අයියා (නාරද දිසාසේකර මහතා)

 අ.පො.ස. උසස් පෙළ සංගීත විෂයයේ ප‍්‍රායෝගික පරීක්‍ෂණයට පෙනී සිටි දිනයද මට අමතක නොවන දිනයකි. පරීක්‍ෂකවරයා වූයේ ඩබ්ලිව්. බී. මකුලොලූව මහතාය. විභාග වලදී මුල සිට අග දක්වාම නිර්දේශයෙහි ඇති දෑ ඔහු විමසන බව මම දැන සිටියෙමි. මගෙන් ඇසූ සියලූම ප‍්‍රශ්නවලට පිළිතුරු ලෙස නිවැරැුදිව ගායනය කළ පසු කෝමල ගාන්ධාරය සහ ශුද්ධ ගාන්ධාරය යෙදෙන වැළපුම් කවියක් කියන්නට යැයි ඔහු කීවේය. ‘මොහු හැර වෙන දන්’ යනුවෙන් ‘හෙළ ගී මඟ පොතෙහි ඇති වැළපුම් කවියක් මා ගයත්ම ඒ පොතෙන් නොවෙයි වෙනත් එකක් කියනව තරමක් දැඩි ලෙස ඔහු කීවේය. වත්තට ගියත් වැට බැඳලා තියෙන්නා කවිය. මම ගායනා කළෙමි. මොන පොතේද ඕක තියෙන්නෙ? තවත් ප‍්‍රශ්නයක් නැගින ආනන්ද ජයසිංහ මහත්මයාගේ සිංහල ගීත පොතේ මගේ පිළිතුර විය. පසුකලෙක x

 සදා මේ සංසාරේ…. අපේ හමුවීම නොවේ….

 සකස් කළේ නාරද නිශ්ශංක

advertistmentadvertistment
advertistmentadvertistment