පාස්පෝට් හදපු ක්‍රිස්ගෙන් අපේ ප්‍රින්සිපල්

138

පාස්පෝට් සිනමා නිර්මාණය ඔස්සේ සිනමාවට අවතීර්ණ වූ ක්‍රිස් ඇන්තනීගේ දෙවැනි සිනමා නිර්මාණයේ වැඩකටයුතු මේ වනවිට අවසන් කර ඇත. “ අපේ ප්‍රින්සිපල් ” නමින් නම් කර තිබෙන මෙම චිත්‍රපටයේ කතාවට පසුබිම්ව ඇත්තේ මෑතකදී දැඩි ආන්දෝලනයට ලක් වූ පාසැල් දරු දැරියන් ශීඝ්‍රයෙන් මත්ද්‍රව්‍ය භාවිතයට අබ්බැහි වීමේ ඛේදවාචකය හරහා සිදුවෙමින් පවතින විනාශයයි.

පාස්පෝට් හදපු ක්‍රිස්ගෙන් අපේ ප්‍රින්සිපල්
පාස්පෝට් හදපු ක්‍රිස්ගෙන් අපේ ප්‍රින්සිපල්

නාගරික පරිසරයක ජීවත්වන දරුවන් ස්වකීය දෙමාපියන්ගේ නොසැලකිලිමත් බව හේතුවෙන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම” සමාජ මාධ්‍ය අනිසි ලෙස භාවිත කිරීම වැනි අයහපත් ක්‍රියා නිසා අනාගතය අඳුරු කරගන්නා අයුරුත්” එම සමාජ ඛේදවාචකයෙන් දරුවන් ගලවා ගැනීමට වෙර දරන ගුරු මාතාවකගේ වීර්යය ප්‍රස්තුත කරගනිමින් “අපේ ප්‍රින්සිපල්” සිනමා පටය නිමවා තිබේ. අපේ ප්‍රින්සිපල් සිනමාපටය ආරම්භ වන්නේ සියලු ආකාරයේ අකටයුතුකම් වලින් හෙබි නාගරික පාසලකට නව පත්වීමක් ලබන විදුහල්පතිනියකගේ ආගමනය සමගිනි. පාසල් ගුරු මණ්ඩලයේ සහ දරුවන්ගේ එතෙක් පැවැති දුරාචාරයන් දකින ඇය එම ක්‍රමයත් එම ක්‍රමය ඇතිකරන්නා වූ සමාජයේ අශිෂ්ට බලවේග මකා දැමීමට දරන සාධනීය උත්සාහයත් සිනමාරූපීව “අපේ ප්‍රින්සිපල්” සිනමාපටය තුළින් ප්‍රේක්ෂකයන් හමුවට ගෙන එයි. දිල්හානි අශෝකමාලා මෙම විදුහලේ විදුහල්පතිවරයාගේ ප්‍රධාන චරිතය නිරූපණය කරන අතර ජගත් චමිල” ශ්‍යාම් ප්‍රනාන්දු” රොජර් සෙනවිරත්න” නමැති රංගන ශීල්පීහු සෙසු චරිතවලට පණ පොවති.

පාස්පෝට් හදපු ක්‍රිස්ගෙන් අපේ ප්‍රින්සිපල්
පාස්පෝට් හදපු ක්‍රිස්ගෙන් අපේ ප්‍රින්සිපල්

“සිංහල සිනමාව නවමු ආකාරයෙන් ප්‍රේක්ෂකයාට යන්න ඕන කියන තැනයි තරුණ සිනමාකරුවෙක් විදියට මගේ අදහස. අපි දැක්කා පසුගිය කාලේ පාසල්වල මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්වීම ගැන සමාජයට විශාල අවධානයක් යොමුකරන්න සිදුවීම ගැන. ඒක තමයි මේ චිත්‍රපටයට නිමිත්ත වුණේ. ඉන්දියානු මලයාලම් සහ දකුණු ඉන්දියානු සිනමාවේ කතා හැදෙන විදිහ මම නිතර බලනවා. ඒ රහ මට තියෙනවා. මම දමිළ පුද්ගලයෙක් වුණාට අධ්‍යාපනය ලැබුවේ සිංහලෙන්. ඉතින් මගේ තිබෙන දමිළ ආභාෂයෙන් සිංහල සිනමාට හොඳ වැඩක් කරන්න ඕනෑ කියන උත්සාහයක් ඔළුවේ තියාගෙන තමයි “අපේ ප්‍රින්සිපල්” සිනමා නිර්මාණය නිර්මාණය කළේ. පසුගිය කාලයේ දැඩි කතාබහකට ලක්වූ පාස්පෝට් චිත්‍රපටය නිර්මාණය කළ ක්‍රිස් තමන්ගේ දෙවැනි සිනමා නිර්මාණය පිළිබඳ දැක්වූ අදහසයි ඒ.

පාස්පෝට් හදපු ක්‍රිස්ගෙන් අපේ ප්‍රින්සිපල්

“අපේ ප්‍රින්සිපල් මුළුමනින්ම තිරගත කර තිබෙන්නේ කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ජීවත්වෙන අඩු ආදායම්ලාභී පවුල් පරිසරය කේන්ද්‍ර කරගෙනය. ලලිත් වරුණ රාජපක්ෂගේ පිටපතක් ඇසුරින් නිර්මාණය වූ මෙම සිනමා පටයේ රූගත කිරීම් විශ්වජිත් කරුණාරත්න සිදුකර ඇත. මනුනුවන් රූපසිංහ අංග රචනයෙන් එක්ව ඇති මෙහි කලා අධ්‍යක්ෂණය අරුණ ඩයස්ගෙනි. සමන්ත කුමාර ගමගේ” රුක්ෂාන්ති පෙරේරා” ශිරන්ත ප්‍රේමවර්ධන” චමින්ද බටුකොටුව” තිස්ස ගුණතිලක” පාලිත ප්‍රේමකුමාර” කණිෂ්ක රණබාහු සහ දුනීෂා පියුමි සෙසු රංගන ශිල්පීහු ශිල්පිනියන් ලෙසින් “අපේ ප්‍රින්සිපල්” චිත්‍රපටයට රංගනයෙන් එක්ව තිබේ.

තිස්ස

advertistmentadvertistment
advertistmentadvertistment