මහයියාවේ වැඩිහිටි නිවාසයක තිදෙනෙක් කොවිඩ් වැළඳී මරුට – තවත් 47ක් පොසිටිව්

413

මහනුවර මහයියාව වැඩිහිටි නිවාසයක වැඩිහිටියන් තිදෙනකු කොවිඞ් ආසාදිතව ඊයේ (16දා) එම නිවාසය තුළදීම මියගොස් තිබේ.

මියගිය අයගේ මෘතදේහ සම්බන්ධයෙන් මහනුවර ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේදී පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීමට නියමිතය.

‘හෝම් ෆෝ එල්ඩර්ස්’ නමැති මෙම වැඩිහිටි නිවාසයේ වැඩිහිටියන් හැටතුන් දෙනකු සිට ඇත. තිදෙනකු මියයෑමෙන් පසුව සෙසු වැඩිහිටියන් ඇන්ටිජන් පරික්ෂණවලට ලක් කර ඇති අතර තවත් හතළිස් හත් දෙනකු කොවිඞ් ආසාදිත බවට එහිදී අනාවරණය වී තිබේ.

සමන්තී වීරසේකර
 


advertistmentadvertistment