මොඩර්නා එන්නත් මාත‍්‍රා පහලොස් ලක්ෂයක් මෙරටට

592

ඇමෙරිකාවේ නිෂ්පාදිත මොඩර්නා එන්නත් මාත‍්‍රා පහළොස් ලක්ෂයක් 16 දා උදෑසන කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් රැුගෙන ආ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ මෙම එන්නත් තොගය ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ශ‍්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබේ.

මෙම එන්නත කොරෝනා රෝගී තත්වය පාලනය කිරීමට, එමගින් වැළදෙන සංකූලතා සහ මරණය සිදුවීම වැළැක්වීම සඳහා 94% ක කාර්යක්ෂමතාවකින් යුතුව ක‍්‍රියාත්මක වන බව මෙතෙක් සිදු කර ඇති වෛද්‍ය පර්යේෂණ මගින් සනාථ කර තිබේ.

ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් ස්පාඤ්ඤයේ පිහිටි ඖෂධ නිෂ්පාදනාගාරයක මෙම එන්නත් නිපදවා තිබේ. මුලින්ම මෙම එන්නත් තොගය ස්පාඤ්ඤයේ සිට කටාර් රාජ්‍යයේ දෝහා වෙත ගුවන් මගින් රැුගෙන විත් එතැන් සිට කටාර් ගුවන් සේවයේ කිව්. ආර්. – 664 දරන ගුවන් යානයෙන් 07/16 දින උදෑසන 09.09 ට කටුනායක ගුවන් තොටුපළ වෙත රැුගෙන පැමිණ තිබුණි.

මෙම එන්නත් තොගය භාර ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි, සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග සහ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන, ශ‍්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති නිලධාරී ඇලෙයිනා ටෙප්ලිට්ස් (්ක්සබ් ඔැචකසි‘* , සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති, විශ‍්‍රාමික මේජර් ජනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි යන මහත්ම මහත්මීන් ඇතුළු රාජතාන්ත‍්‍රික නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.

මෙම එන්නත් තොගය ගොඩ බෑමෙන් පසුව ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ ගම්මානයේ ශීතකරණ තුළ තැන්පත් කිරීමට පියවර ගෙන තිබුණි. ඉන්පසුව මෙම එන්නත් තොගය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් ඔවුන්ගේ මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැුගෙන ගොස් තිබේ .
 

කටුනායක – ටී. කේ. ජී. කපිල


advertistmentadvertistment