ෂේන් අමරසිංහ ඕස්ට්‍රේලියාවේ තුන්ප්‍රයාම තරගාවලියේ දී රන් පදක්කම දිනයි

346

2024/25 Queensland State තරගාවලිය අසූවට අධික ක්‍රීඩකයන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා බි්‍රස්බ්‍රේන්වල පැවති අතර එහි දී අවුරුදු 25 – 29 කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාවේ ෂේන් අමරසිංහ තරග වැදුනි. එහි දී තුන්ප්‍රයාම ඉසව්වේ කිලෝමීටර් 01 මුහුදු පිහිනුම් අංශය විනාඩි 23 කින්, කිලෝමීටර් 20 පාපැදි ධාවන අංශය විනාඩි 36 කින් සහ කිලෝමීටර් 05 ධාවන ඉසව්ව විනාඩි 19 කින්, එහි සමස්ත කාලය පැය 01 විනාඩි 18 කින් තරගය නිමා කරමින් එම අංශයේ රන් පදක්කම දිනා ගැනීමට සමත් විය. එහි සමස්ත තරගාවලියේ 13 වැනි ස්ථානය දිනාගැනීමට ඔහුට හැකි විය. මෙම තරගාවලි ජයග්‍රහණය සමගින් මෙම වසරේ ඕස්ටේ්‍රලියාවේ සිඩ්නි නුවර පැවත්වෙන ලෝක තුන්ප්‍රයාම තරගාවලිය සඳහා ඕස්ටේ්‍රලියානු කණ්ඩායම නියෝජනය කිරීමට ෂේන් අමරසිංහ සුදුසුකම් ලබාගනී.

සමීර මදුසංක හේවා ගමගේ


advertistmentadvertistment