අක්මාවෙන් කොටසක් පුදා පියාගේ දිවි රැක දුන් කේරළයේ රත්තරන් දුවෙක් !

523

17 හැවිරිදි කෙර්ළ දැරියක තම අක්මාවෙන් කොටසක් පියාට දන් දී ඔහුගේ ජීවිතය බේරාගෙන ඇත.

කේරළයේ වෙසෙන දේවානන්දා දැරිය සිය පියාට අක්මාවෙන් කොටසක් දන්දීම සඳහා උසාවියෙන් ද අවසර ලබාගෙන මේ උතුම් ක්‍රියාව සිදුකර ඇත.

ඉන්දීය නීතිය අනුව බාලවයස්කරුවන්ගෙන් අවයව ලබාගැනීම වාරණය කර ඇති නමුත් දේවානන්දාට මේ සඳහා අවසරය ලැබී ඇත.

මේ සැත්කමෙන් පසුව ඇගේ පියා ද යහපත් සුවයෙන් පසුවේ.

දේවානන්දා තිසුර් හි පාසලක අධ්‍යාපනය හදාරන අතර ඇගේ පරිත්‍යාගය ඉන්දීය මාධ්‍යවල බෙහෙවින් ඇගයීමට ලක්ව ඇත.
චතුර පමුණුව


advertistmentadvertistment