අඩි 200ක් උස ගස මුදුනේදී රෝගී වූ තරුණයා බේරා  ගන්න පැය 3ක මෙහෙයුමක්

549

අඩි 200ක් පමණ උසකින් යුක්ත යුකෙලෙප්ස්ටික් ගසක අතු කැපීමට ගස මුදනට නැගි වතු කම්කරුවකු හදිසියේ ගස මුදුනෙහිම රෝගාතුර වීම නිසා එම වතු කම්කරුවා නිරුපද්‍රිතව ගසෙන් බිමට ගැනීමට පැය තුනක පමණ මෙහෙයුමක් කි‍්‍රයාත්මක කළ බව ලිදුල පොලිසිය පැවසීය.

ලිදුල ලැමරිය වත්තේ පදිංචි බාලචන්ද්‍රන් අධිෂ්ඨකුමාර් (අවුරුදු 25 යි) යන අය 26 වැනිදා උදෑසන තම නිවසට අවශ්‍ය දර කපා ගැනීමට පවුලේ සාමාජිකයන් සමග පැමිණ ගසට නැග ගසේ අතු කපමින් සිටින අවස්ථාවේ ලිදුල ප‍්‍රදේශයට 26 වැනිදා පස්වරුවේ ඇද හැලූණු අධික වර්ෂාවත් සමග ඔහු ගස මුදුනෙහිම රෝගාතුර වී ඇත.

පසුව එම වතු යායේ තරුණයන් සිව්දෙනකු ලිදුල පොලිසියේ ද සහයෝගය ඇතිව ගස මුදුනට නැග කඹයක් ආධාරයෙන් තරුණයා නිරුපද්‍රිතව බිමට ගෙන ඇත.

නුවරඑලිය – නාලක රත්නායක, මස්කෙළිය – ගාමීණී බණ්ඩාර ඉලංගන්තිලක
 


advertistmentadvertistment