අත්දැකීම් නැති ජල ඇමැතිගේ සියයට 300 වැඩි කිරීමට පක්ෂ භේදයෙන් තොරව විරුද්ධ වෙනවා

100

පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල

අත්දැකීම් නැති ඇමැතිවරයෙකු පත් කරගෙන ජලය බිල සියයට 300කින් වැඩි කිරීමට ගෙන ඇති තීරණයට පක්ෂ භේදයකින් තොරව මුළු මහනුවරම විරුද්ධ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේදී පැවැති මාධය හමුවකදී හෙතෙම මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

අද ජනතාවට ජීවත් වෙන්න බැරි ආකාරයට ජීවත් වීමට අවශ්‍ය සියලු‍ දේ මිල වැඩි වෙලා. ජල බිල, විදුලිය බිල, අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහන වියදම් ඖෂධ සියල්ල වැඩිවෙලා. එවැනි ලැයිස්තුවක් උදේ වෙනකම් කියන්න පුළුවන්. ඇඳුම් පැළඳුම් ගත්තත් 300% කින් වැඩි වෙලා. රජය කියනවා ආර්ථිකය හොඳයි කියලා. හැබැයි මාස පහළවක් ණය ගෙවල නැහැ. බොරු ෂෝ එකක් දාගෙන ඉන්නවා. අවුරුද්දකට බිලියන හයසීයක් ණය ගෙවන්න තියෙනවා.

ඒ කෙසේ වෙතත් විශේෂයෙන්ම අද මහනුවර මහ නගර සභාවේ ප්‍රශ්නයක් ඇති වෙලා. මහනුවර මහ නගර සභාව ජලය ලබාදීමේ වැඩපිළිවෙළට අවුරුදු 125 ක් වෙනවා. එය

පාරිභෝගිකයන්ගෙන් බදු අය කරලා සේවාවක් වශයෙන් කරගෙන ගියා. මහ නගර සභාවෙන් මාලිගාවටත් නොමිලේ ජලය ලබා දුන්නා. ආගමික ස්ථානවලට විදුලි බිලෙන් සියයට 25යි අය කරන්නේ. පුණ්‍ය ආයතනවලටත් එහෙමයි. පාසල් දරුවන්ට බොන්න දවසකට ලීටර විස්සක් දෙනවා. ඒ සියල්ලම සේවාවන්. රජයෙන් කිසිම මුදලක් ගන්නේ නැතුව අවුරුදු 125ක් මේ කටයුත්ත සිදුකළා. පාරිභෝගිකයන් 45කට ආසන්න පිරිසක් ඉන්නවා. අපිත් මහනුවර ජීවත්වෙන අය. නගර සභාවේ වැඩ ගැන අපි සෑහීමට පත්වෙලා ඉන්නේ. ජනතාවට බර පටවන කොට ඒ අයට කතා කරලා ඒවා සමනය කර ගන්නවා. දැන් මොකක්ද මේ අය කරන්න හදන්නේ ජල සම්පත් මණ්ඩලය රජයට පවර ගන්න හදනවා. එසේ පවර ගෙන ඇමැතිවරයා ලකුණු දාගන්න හදනවා. ආණ්ඩුවෙන් ජල බිල සියයට 300කින් වැඩි කරන්න යනවා. ආණ්ඩුවට අපි කියනවා පාඩු ලබන අසාර්ථක ආයතන ගැන මැදිහත් වෙන්න. සාර්ථකව පවත්වාගෙන යන ආයතන වලට ඇයි මැදිහත් වෙන්නේ? ගසා කන්න ලේසි නිසාද? මේ ආණ්ඩුව බංකොලොත්. සල්ලි නැහැ. එම නිසා ආණ්ඩුවේ නායකයන්ගෙන් ලකුණු දාගන්න මෙය පවර ගෙන ආදායම වැඩි කරල පෙන්නන්න හදනවා.

දැන් කිසිම පළපුරුද්දක් නැති ඇමැතිවරයෙක් ඇවිත් පළාතේ සංස්කෘතිය ගැන කිසිම දෙයක් නොදැන පවර ගන්න හදනවා. ජල සම්පත් මණ්ඩලයේ බිල සියයට තුන් හාරසීය වැඩිවෙලා. මේකත් පවරා ගෙන බිල වැඩිකරල රජයට පෙන්නන්න හදනවා. නගර සභා කියන ඒවා ලාභ ලබන ආයතන නෙමෙයි. ඒක තේරුම් ගන්න මේවා සේවාවන් සපයන ආයතන මෙතන කැලයක් සමග වැව් දෙකක් තියෙනවා. රේස් පාක් එක උඩ කැලේ අක්කර එක් දහස් දෙසීයක් තියෙනවා. මේකත් පවර ගන්න හදන්නේ. එතකොට හොඳට ගස් කපන්නත් පුළුවන්. ව්‍යාපෘතියත් පැත්තකින් තියෙනවා. මේ ආකාරයට අසීලාචාර අදහස් එක්ක තමයි රජය කටයුතු කරන්නේ. මේ සඳහා පක්ෂ භේදයකින් තොරව මුළු මහනුවරම විරුද්ධයි. මොකද වතුර මිල සියයට 300කින් වැඩි වෙන නිසා. ඒ වගේම මහනුවර ජලාශ දෙකක් තියෙනවා. ඕන තරම් ඒ වගේ වතුර තියෙනවා. අවුරුදු 125 ක් තුළ පොම්පාගාර හදලා කටයුතු කරා ඒවා නගර සභාවේ සල්ලි ආණ්ඩුවේ නෙමෙයි. එම නිසා රජයට අපි කියනවා මේක පවර ගන්න එපා කියලා. එසේ පවර ගන්න ආවොත් නීතිමය කටයුතුවලට පෞද්ගලික මමත් මැදිහත් වෙනවා මේ හදන්නේ ජල සම්පත් මණ්ඩලය විනාශ කරන්න. එම නිසා ජනාධිපතිවරයා ඇතුළු රජයටත් ඇමැතිවරයාටත් කියනවා මෙය වහාම නවත්තන්න කියලා.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment