අද ඉන්දියාව – පාකිස්තානය සහ නේපාලය හෙට ශ්‍රී ලංකාවට

340

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම නිමිත්තෙන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අද (30 වැනිදා ) මෙරටට පැමිණීමට නියමිත ය.

අද ප.ව. 1.00 ට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ඔවුන් ළඟාවීමට නියමිත වේ.

එසේම අද පැවැත්වෙන පකිස්තාන සහ නේපාල තරගයෙන් පසුව එම රටවල් දෙක නියෝජනය කරන කණ්ඩායම් ද මෙරටට පැමිණීමට කටයුතු යොදා තිබේ.

ඔවුන් හෙට උදෑසන 7 ට ශ්‍රී ලංකාවට ළඟාවීමට නියමිත අතර මෙම කණ්ඩායම් තුනම කටුනායක සිට නුවර බලා පිටත්ව යෑමට සැලසුම් කර ඇත.

ඉන්දියාව මෙවර සහභාගි වන පළමු තරගය ලබන 02 වැනිදා පකිස්තානය සමග මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිත අතර නේපාලය ශ්‍රී ලංකාවේදී සහභාගී වන පළමු තරගය 4 වැනි දා ඉන්දියාව සමග පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment