අනතුරකට ලක්ව මාලදිවයින් මුහුදු තීරයේ රැදී සිටි මෙරට ධීවරයින් 05 දෙනෙකු නාවික හමුදාව විසින් බේරාගෙන ඇත.නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසුවේ බේරුවල මුහුදු තීරයෙන් ධීවර කටයුතු සඳහා පිටව ගිය ධීවරයින් 06 දෙනෙකුගෙන් සමන්විත යාත්‍රාවක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවය.අදාළ ධීවර යාත්‍රාව පසුගිය 04 වනදා සිට ගොඩබිම සමග සම්බන්ධතාවක් නොමැති බවට නාවික හමුදාවට වාර්තා වී තිබේ.ඒ අනුව සිදුකළ විමර්ශනයකදී ඊයේ උදෑසන අදාළ ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් 05 දෙනෙකු බේරාගැනීමට හැකි වූ බව නාවික හමුදාව සඳහන් කරයි.යාත්‍රාවේ සිටි එක් ධීවරයෙකු අතුරුදන්ව ඇත. මුදාගත් ධීවරයින් 05 දෙනා ගාල්ල වරායට රැගෙන එමින් සිටින බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේය.
|