අපි කාටවත් බය නෑ – අවසානය තෙක් සටන් කරනවා

316

චීනය ප්‍රතිචාර දක්වයි

චීනය කිසිවකුට ගැටලු ඇති නොකරනවා සේම කිසිවකුට බිය ද නොවන බව චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ලින් ජියාන් පවසයි. ඔහු මේ කරුණු හෙළිකර ඇත්තේ ඇමරිකාව විසින් එරටට 104% ක බදු පැනවීමට ප්‍රතිචාර ලෙසය.

බලපෑම් කිරීම, තර්ජනය කිරීම හා වංචා කිරීම චීනය සමග කටයුතු කිරීමේ නිසි ක්‍රමය නොවන බවත් චීනය සිය අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය නිසි පියවර ඉදිරියේ දී ගනු ඇති බවත් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශකයා පවසා තිබේ.

එසේම ඇමරිකාව අයුතු ලෙස ආනයන සඳහා තීරුබදු පැනවීම මගින් ලෝකයේ නොයෙක් රටවල නීත්‍යනුකූල අයිතිවාසිකම් දැඩි ලෙස උල්ලංඝනය වන බව ද චීනය පවසයි.

චීන වාණිජ අමාත්‍යාංශය පවසා ඇත්තේ ට්‍රම්ප්ගේ මෙම අත්තනෝමතික තීරුබදු පැනවීමට එරෙහිව අවසානය දක්වා සටන් කිරීමට චීනය සූදානම් බවය. ඇමරිකානු බදුවලට හිස නොනමන බවත්, මෙම බදු එක්සත් ජනපද අවශ්‍යතා සහ ජාත්‍යන්තර සැපයුම් දාමයන්ට හානි කරන අතර වෙළෙඳ යුද්ධයක ජයග්‍රාහකයකු නොමැති බවත්, මෙම බදු සමස්ත ගෝලීය ආර්ථික සංවර්ධනයට අනතුරක් වන බවත් ඔවුන් ප්‍රකශ කර ඇත.

චතුර පමුණුව


advertistmentadvertistment