ඉන්ධන මිලේ වැඩි වීමක් අද හෙට (05, 06) සිදුවිය හැකි යැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
මෙම මිල ඉහළ යෑම ඉන්ධන මත පනවා තිබූ තීරු බදු වැඩි කිරීම නිසා සිදුවිය හැකි බව ද එම ආරංචි මාර්ග කියා සිටී. ඔක්ටේන් 92 සහ ඔක්ටේන් 95 මත තිබූ රුපියල් 27ක තීරු බද්ද රුපියල් 52 දක්වා වැඩි කිරීමට මුදල් අමාත්‍යාංශය පෙරේදා (3 දා) කටයුතු කර තිබිණි.
එමෙන්ම සූපර් ඩීසල් මත පනවා තිබූ රුපියල් 13ක් වූ තීරු බද්ද රුපියල් 38 දක්වා ද ඉහළ දමා තිබේ. ඉන්ධන මිල කුමන ප්‍රමාණයකින් ඉහළ දමනවා ද යන්න සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය මුදල් අමාත්‍යාංශය සමග සාකච්ඡා කර තීරණයක් ගැනීමට නියමිත බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.
චමින්ද සිල්වා