අයිඑම්එෆ් විතරක් මදි

484

රට මුහුණදී සිටින ආර්ථික අර්බුදයෙන් මිදීමට ජාත්‍යන්තර අරමුදලේ සහාය පමණක් ප‍්‍රමාණවත් නැතැයි එක්සත් ජාතික පක්‍ෂ නායක හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසීය.

කෙසේ වෙතත් එම අරමුදලේ සහාය ලබාගැනීමට ප‍්‍රමාද වී හෝ ආණ්ඩුව පියවර ගැනීම ගැන තමා සතුටුවන බවද සමාජ මාධ්‍ය හරහා තරුණයන් දැනුවත් කිරීමට එක්වෙමින් ඒ මහතා සඳන් කළේය.

පවතින ආර්ථික අර්බුදයෙන් මිදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය පමණක් ප‍්‍රමාණවත් නොවන බවත් එම අරමුදල හරහා වෙනත් රටවල සහාය ලබාගත හැකි පදනමක් සකස් කරගත යුතු බවත් ඒ මහාත වැඩිදුරටත් සඳහන් කළේය.

චමින්ද සිල්වා


advertistmentadvertistment