රියැදුරු හා සහායක රෝහලේ
හේතුව කාර්මික දෝෂයක් – පොලිසිය කියයි
අලිගැටපේර ප්‍රවාහනය කරමින් තිබූ කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 50ක් පමණ පහළින් වූ තේ වත්තකට පෙරළීමෙන් එම කැබ් රථයේ රියැදුරා සහ කැබ් රථයේ ගමන් ගත් අයෙක් තුවාල ලබා වටවල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කළ බව හැටන් පොලිසිය පැවසීය.
ඊයේ (16 දා) අලුයම 4.00ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් ස්ත්‍රැඩන් වත්ත ප්‍රදේශයේදීය.
හැටන් ප්‍රදේශයේ ජනපද සහ වතු ආශ්‍රිත ප්‍රදේශවල අලිගැටපේර මිලදී ගෙන එය අලෙවි කිරිම සඳහා කොළඹ දක්වා ප්‍රවාහනය කරන අතරතුර ධාවනය වෙමින් තිබූ කැබ් රථයේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් කැබ් රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුවී ඇති බව අනතුර පිළිබඳ පරීක්ෂණ පවත්වන හැටන් පොලිසිය කියා සිටී.
කැබ් රථය අනතුරට පත්වන අවස්ථාවේ කැබ්රිය තුළ සිව්දෙනකු ගමන් කළ බව හැටන් පොලිසිය පැවසීය.
නුවරඑළිය – නාලක රත්නායක