අවිස්සාවේල්ලේ කොල්ලය ඇතුළේ පොලිස් මංකොල්ලයක්!

80

අවිස්සාවේල්ල කුකුල් මස් නිෂ්පාදනාගාරයක සිදුවූ රුපියල් ලක්ෂ 50ක සොරකමකට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම් මත සොයාගත් මුදලින් රුපියල් 120,000කට වැඩි මුදලක් වංචා කළ බව කියන අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසියේ හිටපු අපරාධ අංශ ස්ථානාධිපතිවරයකු (උප පොලිස් පරීක්ෂක) ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක් ආරම්භ කර ඇත.

මෙම සිද්ධියටම සම්බන්ධ සීතාවකපුර කොට්ඨාසයේ උසස් නිලධාරියකු හා පොලිස් ස්ථාන භාර නිලධාරියා සම්බන්ධයෙන්ද විමර්ශන අරඹා ඇත.

මේ සම්බන්ධයෙන් නිර්නාමික පෙත්සමක් ලැබීමත් සමග සබරගමුව පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ නියෝග මත කෑගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත කෑගල්ල කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු මගින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

අදාළ උප පොලිස් පරීක්ෂකවරයා මේ වනවිට වෙනත් පොලිස් ස්ථානයක් වෙත ස්ථාන මාරුවීමක් කර ඉදිරි විමර්ශන කටයුතු සිදුකරන බව පැවසේ.

මෙම පැමිණිල්ල ලැබෙන තෙක් එවකට සිටි සීතාවක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා හා අවිස්සාවේල්ල මූලස්ථාන ස්ථානාධිපතිවරයා සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමක් සිදුකර නොමැති අතර එම වංචා කර ඇති මුදලින් කොටසක් මෙම නිලධාරීන් දෙදෙනා අතරද බෙදී ගොස් ඇතැයි වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment