අවුරුද්දට ගමේ යන්න විශේෂ දුම්රිය සේවා

20

සිංහල, දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් ගම්බිම් බලා පිටත්ව යන ජනතාව වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා ඊයේ (11දා) සිට ක්‍රියාත්මක කළ බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේය.

ඒ සඳහා විශේෂ දුම්රිය 10ක් අවුරුදු සමයේදී ධාවනයට එක් කෙරෙන බවත් කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා රාත්‍රී 7.30 ට විශේෂ දුම්රියක් ධාවනයට එක් කෙරෙන බවත් ඊට සමගාමීව බදුල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය කෙරෙන බවත් කොළඹ කොටුවේ සිට ගාල්ල දක්වා රාත්‍රී 7.20 ටත් ඊට සමගාමීව ගාල්ලේ සිට කොළඹ කොටුව දක්වා විශේෂ දුම්රියක් ධාවනයට එක් කරන බවද පැවැසීය.

ඒ අනුව විශේෂ දුම්රිය 10ක් අවුරුදු සමයේ සහ දීර්ඝ සති අන්ත නිවාඩු කාලයේ ගමන් වාර 31 ක් ධාවනයට එක් කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා වැඩිදුරටත් පැවැසීය.

සුජාතා ජයරත්න


advertistmentadvertistment