අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ වැඩසටහනේ දෙවැනි (II) අදියර ක්‍රියාත්මක කිරීම සඳහා අයැදුම්කරුවන්ගේ නිවාස වෙත ගොස් තොරතුරු රැස්කිරීමේ ව්‍යාපෘතිය ඊයේ (21දා) සිට දීපව්‍යාප්තව ආරම්භ විය. තොරතුරු රැස්කිරීම මේ මස 31 වැනිදා අවසන් කිරීමට නියමිතය.
මෙම දෙවැනි අදියර යටතේ අස්වැසුම ප්‍රතිලාභ ලබාගැනීම සඳහා අයැදුම්පත් 761,000කට ආසන්න ප්‍රමාණයක් ලැබී තිබේ. ඒ අතරින් ස
ුදුස්සන් තෝරා ගැනීම සඳහා මෙම තොරතුරු ලබාගැනීම ඊයේ සිට ආරම්භ කර ඇත. පළමු අදියරේදී අයැදුම්පත් ලක්‍ෂ 34ක් පමණ ලැබී තිබූ අතර ඉන් ලක්‍ෂ 18ක් පමණ මේ වන විට අස්වැසුම ප්‍රතිලාභ ලබාගනිමින් සිටිති.
දෙවැනි අදියරේ ප්‍රතිලාභ ලබාදීම සඳහා අයැදුම් කළ පුද්ගලයන්ගේ නිවාස වෙත ගොස් ලියකියවිලි පරීක්‍ෂා කරන අතර එම අයැදුම්කරුවන් පහත සඳහන් නිර්නායකයන් සම්පූර්ණ කර ගැනීමට සහ තොරතුරු දැනගෙන සිටිය යුතුය.
අස්වැසුම I අදියර යටතේ දුක්ගැනවිලි සහ අභියාචනා ලබාදුන් අභියාචනාකරුවන්ගේ දුක්ගැනවිලි විභාග කිරීම මෙම තොරතුරු සංගණනය අවසන් වූ පසු සිදුකිරීමට කටයුතු සූදානම් කර ඇත. මෙම දුක්ගැනවිලි සහ අභියාචනා විභාග කිරීමට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මිට්ටමින් පිහිටුවා ඇති දුක්ගැනවිලි කමිටු මගින් සිදුකිරීමට නියමිතය.
සෑම ග්‍රාම නිලධාරි වසමකටම තොරතුරු එක්රැස් කිරීම සඳහා රජයේ ක්‍ෂේත්‍ර නිලධාරියකු ප්‍රාදේශීය ලේකම්වරයා විසින් පත්කර ඇත. තොරතුරු එක්රැස් කිරීම සිදුකරනු ලබන්නේ ජංගම යෙදවුම් මෘදුකාංගයක් (Mobile App) මගිනි.
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය සඳහා අනුමත තෝරාගැනීමේදී ප්‍රධාන මානයන් 6ක් එනම් පවුලේ ආදායම, වියදම, පවුලේ සාමාජිකයන්ගේ සෞඛ්‍ය, අධ්‍යාපන තත්ත්වය, ජීවත් වන නිවසේ තත්ත්වය, පවුලේ යැපෙන්නන් ප්‍රමාණය සහ මව හෝ පියා පමණක් සිටින පවුලක් ද යන කරුණු පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගැනීම සිදුවේ.
සෑම අයැදුම්කරුවකුටම ූඍ කේතයක් සහිත රිසිට්පතක් ලබාදේ. තොරතුරු එක්රැස් කිරීම අවසානයේ QR කේත සහිත රිසිට්පත නිලධාරියාගෙන් ලබාගැනීම අයැදුම්කරුගේ වගකීමකි. සියලුම අයැදුම්කරුවන් තමාගේ තොරතුරු තහවුරු කිරීමට අවශ්‍යවන්නා වූ ඉඩම් ඔප්පු, වාහන බලපත්‍ර, වෛi වාර්තා, මාස 03ක විදුලි බිල්පත් සූදානම් කරගත යුතුය.
පවුලේ වයස අවුරුදු 18ට වැඩි සියලුම සාමාජිකයන්ගේ ජාතික හැඳුනුම්පත් තොරතුරු රැස්කිරීමේදී ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ. සියලුම අයැදුම්කරුවන්ට තොරතුරු
රැස්කිරීමට තමාගේ නිවස වෙත පැමිණෙන බව (SMS) කෙටි පණිවිඩයකින් දැනුම් දේ.
අයැදුම්කරුවන්ට අස්වැසුම තොරතුරු එක්රැස් කිරීම පිළිබඳ තමා අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුබසාධක ප්‍රතිලාභ තොරතුරු ඒකකයෙන් හෝ ග්‍රාම නිලධාරිගෙන්, ආර්ථික සංවර්ධන නිලධාරිගෙන්, සමෘද්ධි සංවර්ධන නිලධාරිගෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.
අස්වැසුම ක්‍ෂේත්‍ර තොරතුරු එක්රැස් කිරීම සිදුවන කාලවකවානුව තුළ සුබසාධක ප්‍රතිලාභ මණ්ඩල පරිශ්‍රයේ තාක්ෂණික සහ මෙහෙයුම් සහාය ලබාදීම සඳහා ජාතික මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර ඇත. තොරතුරු එක්රැස් කරන සියලුම සංගණන නිලධාරීන්ට සහ ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයන්හි වැඩසටහනට සම්බන්ධ සියලුම නිලධාරීන්ට මාර්ගගත ක්‍රමය ඔස්සේ මැදිරිය සමග සම්බන්ධ විය හැකිය. අවශ්‍යනම් අස්වැසුම අයැදුම්කරුවන්ට පවා මෙම ජාතික මෙහෙයුම් මැදිරියට ඇමතිය හැකිය. ජාතික මෙහෙයුම් මැදිරියේ දුරකථන අංකය වන්නේ 0763662294 සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ 1924 ක්‍ෂණික ඇමතුම් අංකය අමතා ද වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.
චමින්ද සිල්වා