පසුගිය වසරට සාපේක්ෂව පොහොර මිල අසාමාන්‍ය ලෙස ඉහළ දැමීමට රජය කටයුතු කර ඇතැයි ගොවීහු මැසිවිලි නඟති.
ගොවිතැන සඳහා අවශ්‍ය මඩ පොහොර මිල ද පසුගිය කන්නයට සාපේක්‍ෂව රුපියල් 1,100කින් ඉහළ දමා ඇති බව ප්‍රදේශ ගණනාවක ගොවි සංවිධාන පවසති.
2025 යල කන්නය සඳහා කුඹුරු අස්වැද්දීම ආරම්භ කර ඇතත්, වගාව සඳහා අවශ්‍ය පොහොර සහනාධාරය ද ක්‍රමවත්ව ලබාදී නැතැයි ගොවීහු චෝදනා කරති.
රුපියල් අටදහසේ සිට පැවති පොහොර මිටිය රුපියල් දස දහස දක්වාත්, දස දහසේ පැවති පොහොර එකළොස් දහස දක්වාත් වැඩිකර ඇතැයි ගොවීහු පවසති.
වී මිලට ද සාධාරණ මිලක් ලබා දී නොමැති පසුබිමක එදිනෙදා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ පොහොර මිලද මෙලෙස ඉහළ දැමීමට රජය කටයුතු කර තිබීම ගොවියා කබලෙන් ළිපට වැටීමක් බවද ගොවි සංවිධාන කියා සිටිති.
සුජීව තත්සර