ආණ්ඩුවේ විකල්පය වහා රටට කියන්න හිටපු ජනපති රනිල් ඉල්ලයි

292

ට්‍රම්ප්ගේ බද්දෙන් රැකියා ලක්ෂයක් අනතුරේ!

මාස තුනකට පසු ඇමෙරිකා ජනාධිපතිවරයාගේ බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළහොත් මෙරට ලක්ෂයකට පමණ රැකියා අහිමි විය හැකි බවත් එවැනි තත්ත්වයක් ඇති වුවහොත් කුමන පියවරක් ගන්නවා ද යන්න රජය රටට ප්‍රකාශ කළ යුතු බවද හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (16දා) පැවසීය.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා මැතිවරණයට පෙර මෙම බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන බව ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේම සඳහන් කර ඇති නිසා එය වෙනස් කරනු ඇතැයි අපේක්ෂා කළ නොහැකි බව හිටපු ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

සියයට 25ක්, 30ක් බදු වැඩි කළහොත් කඩ සාප්පු පමණක් නොව නේවාසිකාගාර ඇතුළු බොහෝ පිරිස්වලට හානිකර ආර්ථික තත්ත්වයක් ඇතිවිය හැකි බවද හෙතෙම අවධාරණය කළේය.

මේ නිසා රටක් ලෙස අප වෙනත් රටවල් සමග සාකච්ඡා කළයුතු බවත් කීය. බදු වැඩිවීම නිසා ඒවා මිලදී ගන්නා පාරිභෝගික ප්‍රමාණය අඩුවීම නිසා ඒවා අලෙවි කරන පිරිස්වල ලාභය අඩුවීමත් ඉන් රටේ ආර්ථිකයට බලපෑමක් ඇතිවන බවත් වික්‍රමසිංහ මහතා කීය.

එවැනි තත්ත්වයක් මත ගෙවුම් ශේෂ ප්‍රශ්න ඇතිවීමත් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අඩුවීමත් සිදුවන බවත් හෙතෙම අවධාරණය කර සිටියේය.

චමින්ද සිල්වා


advertistmentadvertistment