ආයෙත් වැසි වැඩිවේ

455

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් හෙට සිට ඉදිරි දින කිහිපයේ දී බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකිය.

එහිදී බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළියල ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක වැසි ඇති වේ.

වයඹ, උතුරු සහ උතුරු මැද පළාත්වලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත්

ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද සඳහන් කරයි.

උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝ මීටර් 40 – 50ක පමණ තද සුළං ඇති වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

advertistmentadvertistment
advertistmentadvertistment