ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

81

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනත ඉවත් කිරීම, ශ්‍රී ලංකා ආයෝජන කලාප, ජාත්‍යන්තර වෙළෙඳාම සඳහා වූ කාර්යාලය පිහිටුවීම අරමුණ ඇතිව ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත නමින් නව පනත් කෙටුම්පතක් ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඊයේ (22 දා) ඉදිරිපත් කරනු ලැබීය.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා විසින් අදාළ පනත සභාවට ඉදිරිපත් කරන ලද අතර මහලේකම්වරිය විසින් පනත පිළිබඳ කෙටි හැඳින්වීම කරන ලදී.

එය මෙරට ආර්ථික පරිවර්තනය පිළිබඳව ජාතික ප්‍රතිපත්තිය සඳහා විධිවිධාන සැලසීම සහ ශ්‍රී ලංකා ආර්ථික කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා ආයෝජන කලාප, ජාත්‍යන්තර වෙළෙඳාම සඳහා වූ කාර්යාලය, ජාතික ඵලදායිතා කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ආර්ථික විද්‍යා සහ ජාත්‍යන්තර වෙළෙඳ ආයතනය පිහිටුවීම සඳහා ද ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 04 දරන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනත ඉවත් කිරීම සඳහා ද ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම සඳහා ද වූ පනත් කෙටුම්පතකි.

මෙම පනත් කෙටුම්පත සමගම රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත ද ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක විසින් ඊයේ දින සභාවට ඉදිරිපත් කරන ලද අතර වඩා යහපත් වූ සාර්ව ආර්ථික කළමනාකරණයක් උදෙසා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය වැඩි දියුණු කිරීමේ අරමුණ ඇතිව සහ තවත් ආර්ථික කටයුතු වෙනුවෙන් එම නව පනත් කෙටුම්පත සකසා ඇති බව ආණ්ඩුව කියයි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment