ආර්ථික පරිවර්තන පනත වංචා දූෂණ බලපත්‍රයක්!

72

ජී.එල්. පීරිස්

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආර්ථික පරිවර්තන පනත වංචා දූෂණ සිදුකිරීම සඳහා වූ බලපත්‍රයක් ද යන්න මහජනතාව තුළ සාධාරණ සැකයක් මතුවෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවැසීය.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (07 දා) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ අවස්ථාවේදී මහාචාර්ය පීරිස් මහතා මේ බව පැවැසුවේය.

වැඩිදුරටත් ඒ මහතා මෙසේ පැවැසීය,

“ආර්ථික පරිවර්තන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තිබෙනවා. මේ පනතේ පිටු 165 ක් ඇතුළත් වෙනවා. මීට විරුද්ධව අපි ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් තිබෙනවා. ආර්ථික පරිවර්ථන පනත හරහා ශ්‍රී ලංකාවේ තිබෙන ආර්ථික මර්මස්ථාන සම්පුර්ණයෙන් ජනාධිපතිවරයාගේ පාලනයට ලක් කර තිබෙනවා. ජාත්‍යන්තර වෙළෙඳාම , නිදහස් වෙළෙඳ ගිවිසුම් සකස් කිරීම, අනුමැතියන් ලබාගැනීම වැනි සියලුම කාර්යයන් ජනාධිපතිවරයා යටතේ සෘජුව පාලනය වන ආයතවලට පවරලා තිබෙනවා.

මීට පෙර මෙම කාර්යය භාර්ය පැතිර ගොස් තිබුණා. මේ සඳහා කටයුතු කිරීමට ආයතන කිහිපයක්ම තිබුණා. රටේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, සංස්ථාවලින් ක්‍රියාත්මක වුණ කාර්යය භාරය එක තැනකට ගොනු කරලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඒකාධිකාරයක් ඇති කරලා තිබෙනවා. ඒ බලතළ ජනධිපතිවරයාට පවරා දීම තමයි මේ පනතේ ප්‍රධාන ලක්ෂණය ලෙස අපි දකින්නේ.

මේ පනත මගින් අතිශය බලගතු ආයතන රැසක් නිර්මාණය වනවා. ආර්ථික කොමිසන් සභාව සතුව තිබෙන පරිපාලන සහ කළමනාකරණ මණ්ඩලයට ජනාධිපතිවරයා විසින් නිලධාරීන් 6 ක් පත් කරනවා. ඒ පරිපාලන සහ කළමනාකරණ මණ්ඩලයට ආණ්ඩුවේ නිලධාරින් ලෙස සිටින්නේ දෙදෙනෛක් පමණයි.

ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ කාර්යාලයක් මේ පනත මගින් පිහිටුවන්න නියමිතයි. ඒ කාර්යාලයේ නිලධාරින් 7 දෙනෙක් සිටිනවා. ඒ නිලධාරින් 7 ගෙන් එක් නිලධාරියෙක් පමණයි මහා භාණ්ඩාගාරය නියෝජනය කරන්නේ. මෙහි සර්වබලධාරී පුද්ගලයෙක් හැටියට මෙයින් පත් කෙරෙනවා ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ තානාපතිවරයෙක්. ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ තානාපතිවරයාට අසීමිත බලතල හිමිවනවා. ඔහුගේ නිල කාලය වසර 4ක් වන නමුත් ජනාධිපතිවරයාට තව වසර 4ක් දක්වා දීර්ඝ කළ හැකි වෙනවා.

ජාතික ඵලදායි කොමිසන් සභාවට ජනාධිපතිවරයා නිලධාරීන් 5 දෙනෙක් පත් කරනවා. ඒ නිලධාරීන්ගේ 5 දෙනාගෙන් එක් නිලධාරියෙක් පමණයි මහා භාණ්ඩාගාරය නියෝජනය කරන්නේ. ජාතික ඵලදායි කොමිසන් සභාව ආර්ථිකයේ සෑම තැනකටම පැතිර යන ආයතන පිහිටුවනවා. ජාතික ඵලදායි කොමිසන් සභාව විසින් පිහිටුවන සෑම ආයතනයක්ම පාලනය කරන්නේ ජනාධිපතිවරයා. ශ්‍රී ලංකා ආර්ථිකයේ ව්‍යාප්ත වන බලතල ජනාධිපතිවරයාට ලැබෙනවා.

ජනාධිපතිවරයා ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ තානාපතිවරයා පත් කරන්නේ අවුරුදු 4 කට. මේ දේවල් සිදුකරන්නේ මාස 4 කට අඩු නිල කාලයක් තිබෙන ජනාධිපතිවරයෙක්. ආර්ථික පනත හරහා ඇතිකරන ආයතනවල නිලධාරීන් අවුරුදු 8 කට පත් කිරිමට ජනාධිපතිවරයාට බලය තිබෙනවා. එය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්තියක් නෙවෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment