ආසියානු ශූරතා විසි කිරීමේ තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 04 ක්

23

දකුණු කොරියාවේ මොක්පෝ නුවර දී පැවැත්වෙන ආසියානු ශූරතා විසි කිරීමේ තරගාවලිය සඳහා මෙරට හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 04 දෙනකු නම් කර තිබේ.

මෙම තරගාවලිය මෙම මස 14 සහ 15 දෙදින පැවැත්වෙන අතර ඒ සඳහා මෙරට සිටින හෙල්ල විසි කිරීමේ ශූර නදීෂා දිල්හානි ලේකම්ගේ, ඩයනා හර්ෂනී, සුමේධ රණසිංහ සහ රුමේෂ් තරංග සහභාගි වෙති. මෙම කණ්ඩායමේ පුහුණුකරු ලෙස ටෝනි ප්‍රසන්න මහතා ද කළමනාකරු ලෙස සමීර පෙරේරා මහතා ද කටයුතු කරති. ප්‍රංශයේ පැරිස් නුවර දී ක්‍රියාත්මක කරන මීළඟ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුස්සන් තෝරා ගැනීමේ කඩයිම් අවස්ථාවක් ලෙස මෙවර තරගාවලිය නම් කර තිබේ. එම හේතුව නිසාම නදීෂා දිල්හානි ලේකම්ගේ සහ සුමේධ රණසිංහ ප්‍රමුඛ මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් තම උපරිම දක්ෂතාව ප්‍රදර්ශනය කරනවාට නිසැකය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment