ආහාරවල කැරපොත්තන් සහ කුහුඹුවන් – මඩකලපුව කොළඹ ශීඝ්‍රගාමී දුම්රියේ භෝජනාගාරයට සෞඛ්‍ය නිලධාරීහු කඩා පනිති!

367

පෙරේදා (1) රාත්‍රී 8.15 ට මඩකලපුවේ සිට කොළඹ බලා පිටත් වීමට නියමිතව තිබූ නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියේ භෝජනාගාරය (ආපන ශාලාව) සෞඛ්‍ය අංශ විසින් හදිසියේම වටලා ඇත.

මඩකලපුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය එන්. මාධවන් මහතාගේ උපදෙස් මත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වන ආර්. මිතුන්රාජ්, එම්. අමිර්තාප් සහ එස්. කිසන්දරාජා යන මහත්වරුන් මෙම මෙහෙයුම සිදු කර ඇත. මගීන්ට අලෙවි කිරීමට සූදානම් කර තිබූ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් සොයා ගන්නා ලදී. කැරපොත්තන් සහ කුහුඹුවන් ආහාර ද්‍රව්‍යවල වැටී තිබෙනු සෞඛ්‍ය පරීක්ෂකරුවරුන් දැක ඇත. සොයා ගන්නා ලද පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර අලෙවි සලේ ක්‍රියාකරුට එරෙහිව නඩු පවරා ඇත.

මඩකලපුව – සමුහ ටී. එල්. ජව්ෆර්කාන්

advertistmentadvertistment
advertistmentadvertistment