ඇනට් මාරි ජසින්තා ඉන්දියාවේදී ‘ආසියාවේ අභිමානය’ දිනයි

33

සම්මානනීය ලේඛිකාවක, මාධ්‍යවේදිනියක හා ග්‍රන්ථ කතුවරියක වන ඇනට් මාරි ජසින්තා පෙරේරා මහත්මිය ඉන්දියාවේ චෙන්නායි හි පැවති ලයිට් ඔෆ් ඒෂියා (ආසියාවේ ආලෝකය) ජාත්‍යන්තර සම්මාන උළෙලේදී ප්‍රයිඩ් ඔෆ් ඒෂියා (ආසියාවේ අභිමානය) යන සම්මානයෙන් පිදුම් ලැබුවාය.

තිස් වසරකට අධික වූ සිය මාධ්‍ය මෙහෙවරේදී පරිසරය සහ සොබාදහම සුරැකීම සඳහා සිය පන්හිඳ හසුරමින් අභීතව ඉටුකළ විශිෂ්ට මෙහෙවර අගයමින් ඒ. පී. ජේ. කලාම් සොබාදහම සුරැකීමේ පදනම (ඒ.ජේ.එම්. නැචුරල් ප්‍රොටෙක්ෂන් පවුන්ඩේෂන්) විසින් ඇයට එම සම්මානය පුදකර තිබිණි. සොබාදහම සුරැකීම වෙනුවෙන් විශිෂ්ට සේවාවක් කළ ඉන්දියාවේ හිටපු ජනාධිපති ඒ. පී. ජේ. අබ්දුල් කලාම් අනුස්මරණ සංවිධානයක් වන එම පදනම විසින් පැවැත්වූ එම සම්මාන උළෙලේදී එහි සභාපති සහ තමිල්නාඩු ප්‍රාන්ත අමාත්‍ය ආචාර්ය ඉරේයප්පන් කුටස්, ප්‍රවීණ දමිළ සිනමා නළු සිද්ධා ධර්ෂන් හා රාජ්‍ය ලේකම් ජනමාධ්‍යවේදී රිච්‍රාදරන්ඩ් යන මහත්වරුන් විසින් එම සම්මානය පිළිගැන්වූහ. මෙරටදී ද විශිෂ්ට සම්මාන රැසකින් පිදුම් ලැබූ එම මහත්මිය ග්‍රන්ථ 60කට අධික ප්‍රමාණයක් ලියා පළ කළ කෘතහස්ථ ගත්කතුවරියක වන අතර ජාතික කතෝලික ලේඛක සංවිධානයේ උප ලේකම් ධුරය දරමින් විශිෂ්ට සේවාවක් ඉටුකරමින් සිටින්නීය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment