ජනතාවගේ ආර්ථික දුෂ්කරතා අඩු කිරීමට මහ බැංකුව ක්‍රියාමාර්ග ගනී

180

රජය සහ මහ බැංකුව මහජනතාව මත පවතින ආර්ථික දුෂ්කරතාවන් අඩු කිරීම සඳහා ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව මහ බැංකුව පවසයි.

වත්මන් අර්බුදයට සහ එහි ප්‍රතිඵලයක් ලෙස පවතින දුෂ්කරතාවලට දායක වන එක් ප්‍රධාන සාධකයක් වනුයේ බැංකු පද්ධතිය තුළ විදේශ විනිමය ද්‍රවශීලතාව නොමැතිකමයි. විදේශ විනිමය ද්‍රවශීලතාවේ හිඟය ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය ආනයන සැපයීමට බලපා ඇත. බැංකු පද්ධතිය තුළ ප්‍රමාණවත් විදේශ විනිමය ද්‍රවශීලතාවක් සහතික කිරීම සඳහා, අපනයන ඉපැයීම් රුපියල්වලට පරිවර්තනය කිරීමේ අවශ්‍යතා පැනවීමට සිදු වූ බව ද මහ බැංකුව පවසයි.

එසේම විදේශ විනිමය පිටතට ගලායෑම අධෛර්යවත් කිරීම සඳහා රජය සහ මහ බැංකුව විසින් ඇතැම් ආනයන හා ගෙවීම් ක්‍රම මත සීමා පැනවීම සහ ආන්තික අවශ්‍යතා හඳුන්වාදීම් මෙන්ම, අවිධිමත් විදේශ විනිමය වෙළෙඳපොළ හරහා ගමන් නොකර විධිමත් බැංකු පද්ධතිය වෙත විදේශ විනිමය ගලාඒම දිරිමත් කිරීම වැනි ක්‍රියාමාර්ගයන් ගෙන ඇත. මෙම නියාමන ක්‍රියාමාර්ගවල සාර්ථකත්වය සහ අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමේ හැකියාව රඳා පවතින්නේ වෙළෙඳ ප්‍රජාවේ සහ බැංකු පද්ධතියෙන් ලැබෙන සහයෝගය සහ සහයෝගිතාවය මතය.

කෙසේ වෙතත්, ඇතැම් වෙළෙඳපොළ පාර්ශ්වකරුවන් මෙම රෙගුලාසිවලට සම්පූර්ණයෙන්ම අනුකූල නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානයට ලක්ව ඇති බව ද මහ බැංකුව තවදුරටත් පවසයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment