ඇඳිරි නීතිය දිනවල හැටන් කලාපයේ සියලු පාසල් විවෘත කරන ලෙසට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරියගෙන් උපදෙස්

77

නුවරඑළිය – නාලක රත්නායක

පසුගිය දිනවල පනවා තිබූ ඇඳිරි නීතිය අලුයම 6 ට ලිහිල් කිරීමත් සමග හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන සියලුම පාසල් වල අධ්‍යාපන කටයුතු මධ්‍යහන 12 දක්වා පවත්වා ගෙන යන ලෙස විදුහල් වල විදුහල්පතිවරුන්ට හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය උපදෙස් ලබා දී ඇත.

එම උපදෙස් අනුව පාසල් විවෘත කලද පාසලට ගුරුවරුන් සහ ළමුන්ගේ පැමිණීමේ අඩුවක් ඇති බවත්” ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු අළුයම් කාලයේ පාසලට ඒමට පවතින ප්‍රවාහන පහසුකම් නොමැතිකම හේතුවෙන් සහ පාසල පැවැත්වෙන කාලය අඩුවීම හේතුවෙන් මෙසේ ළමුන්ගේ සහ ගුරුවරුන්ගේ පැමිණීම අඩුවීමට හේතුව වූ බව විදුහල්පතිවරු කියා සිටියහ.

advertistmentadvertistment
advertistmentadvertistment