ඇමරිකාවේ මේජර් ක්‍රිකට් ලීගය උසස් වෙයි

64

ඇමරිකාවේ මේජර් ක්‍රිකට් ලීගය (MLC) ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් පළමු කාණ්ඩයේ තත්ත්වයට උසස් කර තිබේ.

ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය නොමැති රටක් (Associate Nation) සංවිධානය කරන ක්‍රිකට් ලීගයකට අයි.සී.සී.ය විසින් මෙම තත්ත්වය පිරිනැමු දෙවැනි තරගාවලිය බවට MLC ලීගය ඉතිහාසයට එක් වේ.

පූර්ණ සාමාජික නොවන රටක පවත්වන ක්‍රිකට් ලීගයකට අයි.සී.සී.ය පළමුවෙන්ම පළමු කාණ්ඩයේ තත්ත්වය ප්‍රධානය කළේ, එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් සංවිධානය කළ ජාත්‍යන්තර ක්‍රිකට් ලීගය හෙවත් International League (ILT20) තරගාවලියයි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL), බිග් බෑෂ් ලීග් (BBL), ලංකා ප්‍රිමියර් ලීග් (LPL) වැනි උසස් තත්ත්වයට ඒ අනුව ඇමෙරිකා මේජර් ලීග් ක්‍රිකට් පත් වී ඇත.

MLC‍ තරගාවලියේ මෙම වසරේ අදියර (දෙවැනි අදියර) එළඹෙන ජූලි මස 05 වැනිදා සිට එනම් පන්දු වාර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් වී සතියකට පසුව පැවැත්වේ.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment