ඇමෙරිකාවේ වෙඩි තැබීමකින් අයෙක් මරුට 24කට තුවාල

111

ඇමෙරිකා එක්සත් ජනපදයේ ඕහියෝ ප්‍රාන්තයේ ඇක්‍රෝන් නගරයේ පෙරේදා (02දා) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමකින් එක් පුද්ගලයකු මියගොස් තවත් 24 දෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව ඇමෙරිකානු මාධ්‍ය පවසයි. ඇක්‍රෝන් නගරයේ පැවති එළිමහන් සාදයකදී සිදුව ඇති මෙම වෙඩි තැබීම සිදු කළ 27 හැවිරිදි පුද්ගලයාද වෙඩි වැදී මියගොස් ඇති අතර ඔහුගේ අනන්‍යතාවය පොලිසිය විසින් හෙළිකර නොමැත.

මෙම වෙඩි තැබීමට මුල් වූ හේතුව අනාවරණය වී නොමැති අතර එම සිදුවීමෙන් තුවාල ලැබ රෝහල්ගත කර ඇති පිරිසෙන් දෙදෙනකුගේ තත්ත්වය බරපතළ බවත් වෙඩි තැබීමට ලක් වූ පිරිස වයස අවුරුදු 19ත් 43ත් අතර වයස් සීමාවේ පසුවන බව අනාවරණය වී තිබේ. වෙඩික්කරු මෙම වෙඩි තැබීමේ සිද්ධිය සඳහා තුවක්කු දෙකක් යොදා ගෙන ඇති බවත් එම ස්ථානයේ තිබී වෙඩි උණ්ඩ කවර 35කට අධික සංඛ්‍යාවක් සොයා ගත් බව පොලිසිය පවසා තිබේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment