ඇමෙරිකා පිටියේ කැලඹිලි ගැන ශ්‍රී ලංකාවෙන් අයි.සී.සී.යට පැමිණිලි

348

විස්සයි-20 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මුහුණදී ඇති ගැටලු සම්බන්ධයෙන් මේ වනවිට අයි.සී.සී. ආයතනයට ලිපියක් යොමු කරමින් කරුණු විමසා ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අපහසුතාවයට පත් නොවන අයුරින් කටයුතු සිදුකිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් නියෝජිතයකු ද පත්කර ඇමෙරිකාව වෙත යවා තිබූ පසුබිමක මෙවන් ආකාරයට පත්වීම සම්බන්ධයෙන් සොයා බලන බවද ඇමැතිවරයා පැවසීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා මේ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය – ශ්‍රී ලංකා කණ්ඩායම, අයර්ලන්ත කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම ගුවන් යානා තාක්ෂණික දෝෂයක් නිසා පැය 7ක් ගුවන්තොටුපළේ අතරමංවීමක් සිදුවුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ සම්බන්ධයෙන් අයි.සී.සී. එකට දැනටමත් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඒකට හේතුව එක එක රටවලට එක එක විදියට තමයි සලකලා තියෙන්නේ. බංග්ලාදේශ කණ්ඩායම තමයි වැඩියෙන්ම සංචාරය කරන්නේ කිලෝ මීටර් ගණන අනුව දෙක, ඇමෙරිකානු ක්‍රිකට් ආයතනයත් අයි.සී.සී. යෙන් තහනම් වෙලා ඉන්නේ මේ වෙනකොට. එහෙම තියෙද්දි තමයි අයි.සී.සී.ය මේ ක්‍රිකට් තරගාවලිය ඇමෙරිකාවේ පවත්වන්නේ.’ අපි සති 2කට 3කට කලින් කිව්වා ක්‍රිකට් ආයතනයෙන් නියෝජිතයෙක්ව යවලා කණ්ඩායම අපහසුතාවයට පත් නොවන අයුරින් කටයුතු සලස්වන්න කියලා. ඒ සම්බන්ධයෙන් පුද්ගලයෙක්ව පත් කරලා තිබෙනවා ක්‍රිකට් ආයතනය. ඔහු එහෙ ගිහිල්ලත් තිබෙනවා. නමුත් මේ ප්‍රශ්න ඇතිවීම සම්බන්ධයෙන් අපි ඔහුගෙන් කරුණු විමසලා තිබෙනවා. ඒ අනුව ඒ සම්බන්ධයෙන් පියවර ගන්නවා.

ලංකාවේ කණ්ඩායමට ෆ්ලයිට් එකක් නැති වුණා කියන එක තමයි මෙතනනදි කියන්නේ. නමුත් මෙතනදි ලංකාවේ කණ්ඩායම විතරක් නොවෙයි, අයර්ලන්ත සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම්වලටත්, ෆ්ලයිට් එකක තාක්ෂණික දෝෂයක් නිසා පැය 07ක් මෙලෙස ෆ්ලොරීඩා ගුවන්තොටුපළේ රැඳී සිටීමට සිදුවුණා. මේක සම්බන්ධයෙන් අයි.සී.සී. එකට පැමිණිල්ලක්ද සිදුකර තිබෙනවා. එක එක රටවලට ඇමෙරිකාවේදී වෙනස් විදියට සලකලා තිබෙන්නේ. බංග්ලාදේශය තමයි වැඩිම දුරින් ඉන්නේ. දෙක ශ්‍රී ලංකාව. අර්බුද රාශියක් මැද තමයි ලෝක ක්‍රිකට් ආයතනය ඇමෙරිකාවේ මෙම තරගය පවත්වන්නේ. ඇමෙරිකානු ක්‍රිකට් ආයතනයත් අයි.සී.සී. ආයතනයෙන් තහනම් වෙලයි තිබෙන්නේ. ඒ වුණත් මැච් එක ගහනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඩී ජී විසින් මේ ගැන විමසීම් සිදු කරනවා. මොකද අපි සති දෙක තුනකට කලින් අපි ම කිව්වා අපෙන් කෙනෙක් යවලා කණ්ඩායම අඩු පාඩු නොවන ආකාරයට කටයුතු කරන ලෙසට. ඒ සම්බන්ධයෙන් පුද්ගලයෙක් පත් කළා. එතුමා එහේ ගිහිල්ලත් තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අපි පියවර ගැනීමට පසුබට වන්නේ නැහැ.

මම පිළිගන්නවා විපක්ෂනායකතුමා කියපු කරුණ සම්බන්ධයෙන්. ඕනම පිට්ටනියක පිච් එක සම්බන්ධයෙන් රේටින්ස් තිබෙනවා. නමුත් මේ පිට්ටනියට රේටින්ස් නැහැ. මොකද ජුනි 14 න් පස්සේ මේක ගලවන්න තිබෙන්නේ. ඇත්තටම මේක එළියට ගතයුතු කරුණක්. අපි තහනම් වුණා කියලා ලෝක කුසලානය අපට දුන්නේ නැහැ. වෙන රටකට අරන් ගියා. යූ.එස්.ඒ. වල තහනම් වෙලා තිබෙද්දි එහෙ ගහනවා. ඒවා නොයෙකුත් තීන්දු නිසා වෙන්න ඇති ඉන්දියා පාකිස්ථාන මැච් එකක් එහෙ ගහනවා කියන්නේ. දැනට අඩුම ටිකට් එක ඩොලර් තුන්දහට යන්නේ. නොයෙකුත් හේතු ඇති.

මමත් මගේ වියදමින් මෙම තරගය බලන්න ගියා. බෘක්ලින් මැරියට් එකේ තවත් කණ්ඩායම් දෙකක් හිටියා. එතන ඉඳන් යන්න තිබෙන්නේ කිලෝමීටර් 39යි. නිව්යෝර්ක් නුවර තිබෙන ට්‍රැෆික් එක නිසා තමයි මේ ප්‍රශ්නය සිදුව තිබෙන්නේ. ක්‍රීඩාංගණය සහ ක්‍රීඩකයන් සිටිනා හෝටලය අතර දුර විනාඩි 45ක දුරක තිබිය යුතු වුවත් එය පැය 1.5ක් තරම් විශාල දුරකින් පිහිටා තිබුණේ. නිව්යෝක්වල තිබෙන ට්‍රැෆික් එක නිසා තමයි මෙලෙස සිදු වෙලා තිබෙන්නේ. පිට්ටනිය පවා නුසුදුසු පිට්ටනියක්. අපි හිතනවා අද රෑට තිබෙන තරගයේදී ක්‍රීඩකයන් පණ ගැන්විලා එයි කියලා. නමුත් මේ තරගයේ දැනට යන අඩුම ටිකට් එක රුපියල් 3000යි. ඉන්දියා කණ්ඩායම ඉන්නේ පිට්ටනියේ ළඟම තිබෙන හෝටලයක. අපි තරගය පැවැත්වීමට සති තුනකට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙක් මේ සම්බන්ධයෙන් සොයා බැලීමට ඇමෙරිකාවට යැව්වත් මේ සම්බන්ධයෙන් සොයා බලා නැහැ. මේ සම්බන්ධයෙන් ඉදිරියේදී පරීක්ෂණයක් සිදු කරනවා. මේවා බලන්න ශ්‍රී ලංකා ක්‍රිකට් එකෙන් නියෝජිතයෙන් යැව්වා. නමුත් මේ දේවල් නිවැරදි ලෙස සිදු නොවීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරනවා. අයි.සී.සී. ඒ. ජී. එම්. එක තිබෙන්නේ ලංකාවේදී අපිට කරන්න පුළුවන් ලොබි කිරීමයි.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment