ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට උද්ඝෝෂණයක්

360

ක්‍රිකට් ආයතනයේ දූෂණ වංචාවලට ඉඩ නොදෙන බවට ප්‍රකාශ කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ආසන්නයේ දී විරෝධතාකරුවෝ පිරිසක් ඊයේ (27 වැනිදා) උද්ඝෝෂණයක නිරත වූහ.

පා ගමනකින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දෙසට ගමන් කරන්නට ඔවුන් උත්සාහ කළ අවස්ථාවේ පොලිසිය සහ කැරළි මර්දන පොලිසිය විසින් එම පා ගමන අතර මැදදී නතර කර දමන ලදී.

පසුව විරෝධතාකරුවන් පොලිසිය ඔවුන්ව නතර කරන ලද ස්ථානයේ සිට විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් පැය භාගයකට ආසන්න කාලයක් උද්ඝෝෂණයේ නිරතව සිට පසුව විසිර ගියහ.

ඡායාරූපය – නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment