‘ප්‍රෙඩ්රිසීලොන්’ නම් වූ බාල අක්ෂි දියරය ලබාදීමෙන් දෘෂ්ටියාබාධවලට ලක්වූ රෝගීන් පිළිබඳව සහ එම අක්ෂි දියරය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
මෙම බාල අක්ෂි දියරය ලබාදීම හේතුවෙන් රෝගීන් 150 දෙනකුට ආසන්න පිරිසක් තාවකාලික හා සදාකාලික වශයෙන් දෘෂ්ටියාබාධවලට ලක්වූ අතර මේ දක්වා ඔවුන්ට ඒ සඳහා කිසිදු වන්දි මුදලක් ලබාදී නැතැයි මීට අදාළ පැමිණිල්ල යොමු කළ විශේෂඥ වෛද්‍ය ජී.ජී. චමල් සංජීව මහතා සඳහන් කරයි.
ප්‍රෙඩ්රිසීලොන් නමැති මෙම බාල අක්ෂි දියරය හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පාලන සමයේදී මෙරටට ගෙන්වනු ලැබ තිබිණි.
මෙම බාල අක්ෂි දියරය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සහ අල්ලස දූෂණය නාස්තියට එරෙහි ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු ජාමුනි කමන්ත තුෂාර යන මහත්වරුන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලකට අනුව එම දෙපාර්තමේන්තුව මෙලෙස විමර්ශන ආරම්භ කර තිබේ.
සුජීව තත්සර