අදත් වැසි

36

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්, විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි අද (09 දා) දිනයේදී පවතින බව කාලගුණ විiා දෙපාර්තමේන්තුව පවසයි.

එසේම අනුරාධපුර, මන්නාරම සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ද ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව කියයි.

ඌව පළාතේත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු හා උතුරු මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත්, විටින් විට හමන පැයට කිලෝමීටර් 40-45 ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව ද කාලගුණ විiා දෙපාර්තමේන්තුව කියයි.

ගිඟුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

පවතින වැසි තත්ත්වය සැප්තැම්බර් මස අවසානය තෙක් පවතින බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment