ඇෆ්ගනිස්ථානුවන්ට විශිෂ්ට ජයක්

101

ඉන්දියානුවෝ සුපිරි අටේ දෙවැනි ජයත් සොයාගනිති

මෙවර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ ඔස්ටේ්‍රලියාව සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පැවැති තරගයෙන් ප්‍රබල ඔස්ටේ්‍රලියානුවන් පරදා ලකුණු 21ක තියුණු ජයක් ලබා ගැනීමට ඇෆ්ගනිස්ථානය සමත්විය.

කිංග්ස්ටවුන්හි සෙන්ට් වින්සන්ට් ක්‍රීඩාංගණයේදී පැවැති එම තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ටේ්‍රලියානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට ඇෆ්ගනිස්ථාන පිලට ඇරයුම් කළේය.

ඒ අනුව ඇෆ්ගනිස්ථානුවෝ නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 148ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ටේ්‍රලියානු කණ්ඩායමට පන්දු වාර 19.2ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 121ක් පමණි. ඒ අනුව ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට ලකුණු 21ක ජයක් හිමිවිය.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ රහමනුල්හා ගුරුබාස් හයේ පහර 4ක් සහ හතරේ පහර 4ක් සමග පන්දු 49කදී ලකුණු 60ක් ලබා ගත් අතර, ලකුණු 20කට කඩුලු 4ක් බිඳහෙලූ ගුල්බදීන් නයිබ් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබූහ.

ඇෆ්ගනිස්ථානුවන්ට විශිෂ්ට ජයක්

තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් පෙරේදා (22දා) ඇන්ටිගුවාහි විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයෙහිදී ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පැවැති තරගයෙන් ඉන්දීය කණ්ඩායමට ලකුණු 50ක ජයක් හිමිවිය. තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශයේ ඇරයුමින් පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 195ක් ලබා ගත්තේය.

එහිදී හර්දික් පාණ්ඩ්‍යා පන්දු 27කදී ලකුණු 50ක් හයේ පහර 3ක් සහ හතරේ පහර 4ක් සමගින් ලබා ගත්තේය.

රිෂාබ් පන්ට් ලකුණු 36ක් ද, විරාත් කෝලි ලකුණු 37ක්ද ලැබීය. රිෂාඩ් හුසේන් සහ තන්ෂිම් හසන් අතර කඩුලු 2 බැගින් බෙදී ගියේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයට පන්දු වාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 146ක් පමණි.

එහිදී නායක නජ්මුල් හුසේන් ලකුණු 40ක් සහ තන්ෂිඩ් අහමඩ් ලකුණු 29ක් ලබා ගත්තේය. ඉන්දියාව වෙනුවෙන් කුල්දීප් යාදෙව් කඩුලු 3ක්, අර්ෂදීප් සිං සහ ජස්ෆිට් බුම්රහ් අතරේ කඩුලු 2 බැගින් බෙදීගියේය. හර්දික් පාණ්ඩ්‍යා තරගයේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබූහ.

advertistmentadvertistment
advertistmentadvertistment