ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර අපක්ෂපාතී හා සාධාරණ වෙළෙඳ සබඳතාවක් සහතික කරලීම සඳහා කඩිනමින් ගිවිසුමකට එළැඹිය හැකි බවට වොෂින්ටන් ඩීසීහි ඇමෙරිකානු වෙළෙඳ නියෝජිත කාර්යාලයේදී එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත තානාපති ජේමිසන් ග්‍රියර් මහතා අපේක්ෂා පළ කර තිබේ.
අන්‍යොන්‍ය තීරුබදු පිළිබඳ එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය සමග ශ්‍රී ලංකා නියෝජිතයන් වොෂින්ටන් ඩීසීහි පැවති සාකච්ඡා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ඊයේ (25) නිකුත් කළ ප්‍රකාශයේ මේ බව සඳහන් වෙයි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත