නිවාස ඉදිකිරීම්, ගොඩනැඟිලි ඉදිකිරීම්, නව තාක්ෂණික නිර්මාණ ආදී සියලු ශිල්පීය දැනුම යොදා කරනු ලබන ක්ෂේත්‍ර වලට බලපැවැත්වෙන උතුම් විශ්වකර්ම දෙවියන්ගේ ජයන්ති දිනය 2023 සැප්තැම්බර් මස 17 වන දිනට යෙදී තිබේ. තම ඉදිකිරීම් වල බාධා දුරුකරවා ගැනීමට මෙදින පුද පූජා යෝග්‍යයි. ලෝකය නිර්මාණය කළා යැයි කියැවෙන මහා බ්‍රහ්මයාගේ පුතා ලෙස විශ්වකර්ම දෙවියන් හඳුන්වනු ලැබේ. වාස්තු විද්‍යාව ප්රමුඛ ඉංජිනේරු ශිල්පයේ නිර්මාතෘවරයාද විශ්වකර්ම දෙවියන් වේ. දේව ලෝක වල ඒ දෙවිවරුන් උදෙසා විමාන ප්‍රාසාද ඉදිකිරීම, දේව වාහන, ආභරණ ආදිය සැකසීම විශ්වකර්ම අතින් සිදු වේ. විශ්වකර්ම ජයන්තිය හෙවත් විශ්වකර්ම ජන්ම දිනය ලෙස ද මෙදින හැඳින්විය හැක. 2023 සැප්තැම්බර් 17 වන දින උදේ 10.15 සිට 12.26 දක්වා ද, සවස 1.58 සිට 3.30 දක්වා ද විශ්වකර්ම දෙවියන් උදෙසා පූජා පැවැත්විය හැක.
ප්‍රථමයෙන් තමාගේ ආයතනය, ඉඩම, ගොඩනැඟිලි, වාහන, යන්ත්‍ර සූත්‍ර උපකරණ, විවිධ යන්ත්‍ර ආදිය මෙන්ම ඒ ඒ ක්ෂේත්රයට අදාළ උපකරණ උපාංග ආදිය සෝදා පිරිසිදු කරගත යුතුයි. උදාහරණය ලෙස තමා රියදුරකු නම් වාහනයද, තමා වඩුබාස් කෙනෙක් නම් මිටිය, නියන ආදියද, තමා බැකෝ ඔපරේටර් වරයෙක් නම් තමා භාවිත කරන බැකෝ එක ද ආදී ලෙසයි.
එසේ පිරිසිදු කිරීමෙන් අනතුරුව ඒවා මල් වලින් සැරසීම කළ යුතුයි. එම ප්‍රදේශවලට, යාන වාහන උපකරණ, යන්ත්‍ර සූත්‍ර ආදියට කහ, සඳුන්, පිනිදිය යොදා පිරිසිදු කරගත යුතුයි.
ඉන් පසු තමන්ම විශ්වකර්ම දෙවි වැඳිය හැකි නිදහස් තැනක හෝ පූජාසනයේ දේව පින්තූර තබා ඊට මල් ආදී පූජා ද්‍රව්‍ය තැන්පත් කරන්න. විශ්වකර්ම දෙවියන්ට අදාළ පූජා ද්‍රව්‍ය තබා පහන්, හඳුන්කූරු, එනසාල්, පළතුරු, කැවිලි, රස කැවිලි, සීනි මිශ්‍ර ආහාර, බුලත්, කිරි මිශ්‍ර ආහාර ඉතා යෝග්‍යයි. එම පූජා ද්‍රව්‍ය පූජාවෙන් පසුව සිය පවුලේ උදවියට හා සේවක සේවකයන්ට බෙදාදිය යුතුයි.
එමගින් තම ව්‍යාපාර කර්මාන්ත සඳහා විශ්ව ආශිර්වාදය සෘජුවම ලැබෙනු ඇත.
පහත මන්ත්‍ර ඊට භාවිත කළ හැක.
ඕම් ආධාර් ශත්තපේ නමඃ
ඕම් කුමායි නමඃ
ඕම් අනන්තම් නමඃ
ප්රිතිවිපායි නමඃ – (3 වරක්)
ඕම් විශ්වකර්ම නේ නමඃ
(-21 වරක්)
විශ්ව කර්මාය නමෝ නමඃ
ශිල්පකාරී නමෝ නමඃ
මංගලකාරී නමෝ නමඃ
චක්‍රධාරී නමෝ නමඃ
(-හත් වරක්)
මෙදින නිර්මාංශ ආහාර ගත යුතු දවසක් ලෙස හැදින්වේ. විශ්වකර්ම දෙවි වැඳීමෙන් තම නිර්මාණ කෞෂල්‍යය ඉහළ යයි. නව අදහස් පහල වේ. නව ව්‍යාපාර සිතිවිලි නව වැඩක්රම, නව අදහස්, නව නිර්මාණ බිහිකිරීම අවශ්‍ය මානසික ශක්තිය විශ්වයෙන් ලැබෙනු ඇත.
මේ වනවිට නිවාස ඉදිකිරීම් වල බාධා උදාවී ඇති අය, ඉදිකළ නිවාස වල බාධා පවතින අය එම බාධා දුරුකරවා ගැනීමට
මෙමගින් අවස්ථාව උදාකර ගන්න. මේ මිහිතලය භූමිලාභ ලැබීමටත්, ඒ භූමියෙන් අවකාශයේ නිර්මාණශීලී ජීවිතයක් ගත කිරීමටත් විශ්වකර්ම දෙවියන්ගේ ආශිර්වාදය අත්‍යවශ්‍ය වේ.
එදිනට අදාළ වෙලාවන් තුළ විශ්වකර්ම දෙවියන්ට පුද පූජා පැවැත්වීමෙන් තමාගේත්, තම දරුවන්ගේත් බුද්ධි වර්ධනය, විශේෂයෙන් අලුත් විදිහට සිතීමේ ශක්තිය, නිර්මාණශීලීත්වය, පරිණත බව විශ්වදායාද ලෙස ලබා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.
තම වැඩබිම්, ආයතනය, උපකරණ පිරිසිදු කර ඒවාට ගරු කරන, හෘදයාංගමව සලකන දිනය ලෙස ද විශ්වකර්ම ජයන්ති දිනය හැඳින්වේ.
ප්‍රවීණ ජ්‍යොතිර්වේදී වාස්තු විද්‍යාඥ
ආචාර්ය කැලුම් ගුණතිලක
දු.ක. 0778995353