ඉන්දියානු ජනකතා

40

ප්‍රවීණ ලේඛක පියසේන වික්‍රමගේ පරිවර්තනය කළ ‘ඉන්දියානු ජනකතා’ (Indian folk Tales Retold in Sri Lanka) ග්‍රන්ථය නුගේගොඩ සරසවි ප්‍රකාශකයෝ වෙත එළිදැක්විණි. සිංහල අපිට ඉතා සමීප මේ ඉන්දියානු ජනකතා අතරින් ජනකතා 34ක් මෙම ග්‍රන්ථයට ඇතුළත් කොට තිබේ. මේ ජනකතා රජුන්, බිසවුන්, ප්‍රභූන්, ධනවතුන්, දිළින්දන් පිළිබඳව මෙන්ම ව්‍යාඝ්‍රයෝ, පුංචි කුරුල්ලෝ, හිවල්ලු, ගිරව්, බූරුවෝ ද පාදක කරගෙන තිබේ. සත්තු, මිනිසුන් වගේම කතා කරන අන්දමක් ද ඉන් ඉදිරිපත් වේ. මේ සමග පළ වනුයේ එහි එන ‘දෙනෙත් අඳ මිනිසා’ ජනකතාවයි….

ඉතින් දෑසම නොපෙනුණ මිනිසා, කන් නෑසුණ මිනිසා සමග එක දවසක් සම්මුතියකට ආවා. අන්ධ මිනිසාට පාර පෙන්වන්නට, කන් නෑසෙන මිනිසා එකඟ වුණා. ඊට හිලව්වට කන් නෑහෙන මිනිසාට නෑහෙන දේවල් කියා දෙන්න අන්ධයා එකඟ වුණා.

එක දවසක් මේ මිත්‍රයන් දෙන්නා දේවදාසියකගේ නර්තනය (නැටුම්) සමග සංගීතය අසන්නට ගියා. ඒ විනෝදාස්වාදය උදෙසායි. මේ අවස්ථාවේදී බිහිරා කිව්වා,

“නැටුම් නම් ඉස්තරම්! සංගීතය නම් අසන්නට දෙයක් නෑ!

මෙවිටදී අන්ධයාත් කීවා, තමාගේ අදහස, ප්‍රතිචාරය.

“මට නම් හිතෙන්නේ සංගීතය නම් අපූරුයි! ඒ වුණාට නැටුම්වල බලන්න තරම් දෙයක් තිබුණා ද?”

තවත් දවසක් දා මිත්‍රයන් දෙන්නා වනගත චාරිකාවක යෙදෙන්න කැලයකට ගියා. මේ යන අතරේ අයිතිකාරයාගෙන් අත්මිදී දඩාවතේ යන බූරුවෙක් හමුවුණා. බූරුවාගේ පිටේ ලොකු මැටි මුට්ටියක් ගැටගසා තිබුණා. මේ මුට්ටිය රෙදි තම්බන්න පාවිච්චි කළ භාණ්ඩයක්. මේ වෙලාවේ බිහිරා, අන්ධයාට කීවා, “මිත්‍රයා, අපි ඉන්න තැන බූරුවෙක් ඉන්නවා… උගෙ පිටේ ලොකු මැටි මුට්ටියකුත් ගැටගසා තිබෙනවා.

පෙනෙන හැටියට සතාට කවුරුත් අයිතිකාරයෙක් නැතිවා වගේ… අපි මේ සතාව අරං යමු! කවද හරි දවසක මේ සතා අපට ප්‍රයෝජනවත් වේවි!

“හරි හොඳයි!” බිහිරා උත්තර දුන්නා.

අන්ධ මිනිසා සිය එකඟතාව හිස ඉහළ පහළ යවමින් ප්‍රකාශ කළා.

ඉතින් මේ මිත්‍රයන් දෙන්නා, අන්ධයා සහ බිහිරායි, බූරුවායි උගෙ පිටෙහි ගැටගසා තිබුණු මුට්ටියයි අරගෙන ගෙදර ගියා. ටික දුරක් මෙහෙම යන විට බිහිරි මිනිසා දැක්කා කූඹි ගුලක්. ඔහු අන්ධ මිතුරාට කීවා, “මෙන්න අපි ඉස්සරහ තියෙනවා ලස්සන කළු කූඹි ගුලක්. හරිම අපූරු කූඹි රොත්තක්! මං කවදාවත් දැක නැහැ! මේ තරම් ලොකු කළු කූඹි. අපි මේ කූඹි ටිකත් ගෙදර අරන් ගිහින් අපේ යහළුවන්ට පෙන්වමු!”

“හරි හොඳයි!” අන්ධ මිනිසා හිස වනා සම්මුතිය පළ කළා.

“අපි මේ කූඹි යහළුවන්ට තෑගි කරමු!” කීවා. ඉතින් ඇස් පෙනෙන බිහිරි මිනිසා, ඔහුගේ දුම්කුඩු පෙට්ටිය ඉණෙන් එළියට ගත්තා. අපූරු රිදී පෙට්ටියක්. කූඹි ගුලේ හිටි හොඳම කළු කූඹි පස්දෙනෙක් ඒ පෙට්ටියට දමා ගත්තා.

ඉතින් දැන් ආයෙමත් දෙන්නා ගමනේ. වැඩි දුරක් යන්නට වුණේ නෑ. දරුණු කුණාටුවක් එක පාරට හැමුවා. ගෙරවුම් හඬ ආවා. විදුලිය කෙටුවා. අනෝරා වැස්ස. මහ පොළොවයි, ඉහළ අහසෙ දිව්‍ය ලෝකයයි සටනක වගේ. වියරුවකින් වගේ හැම දෙයක්ම සිදුවුණේ.

“අනේ අප්පේ! අනේ! අප්පේ” බිහිරි මිනිසා වැලපුණා.

“මගේ තාත්තලු මේ ගෙදර ඇතුළෙ ඉන්නේ!”

“ඔහෙ පලච්චාවේ… මගේ පුදුම “භක්ෂස” පියා!”

“ඔව් බොල” අන්ධ මිනිසාගේ ස්වරය තවත් එඩිතරයි!

“මේ මොහොතෙම පලා යව… මං තොපට අණ කරනවා. මා තමයි බොල උඹගේ පියා භක්ෂස!”

“හරි හොඳයි” දැන් රාක්ෂසයාත් ටිකක් අන්දමන්ද වෙලා.

“හරි උඹ මගේ පියාණන් නම්, මුහුණ පෙන්නාපන් ඉස්සරින්”

දැන් අන්ධයාටයි – බිහිරාටයි මොනවා කරන්න ද – මොනවා පෙන්නනවා ද කියා නිනව්වක් නැතිවා වගේ. අන්තිමට ඔවුන් දොර ඇරිය. නෑරියා වගේ පුංචිම පුංචි ඉඩකින් බූරුවාගේ නහය එළියට පෑවා. රාක්ෂසයා බූරුවාගේ නහය දුටුවා. ඔහුට මෙහෙම කල්පනාවක් ආවා. “දෙයියන්ට ඔප්පු වෙච්චාවේ කොයිතරම් අප්‍රසන්න, විකෘති වූ මුහුණක්ද? මගේ තාත්තාය කියන භක්ෂසට ඇත්තේ!”

“භක්ෂස, මගේ තාත්තේ – හරිම ලොකුයි! හරිම බියකරුයි! නොවැ උඹේ මුහුණ!”

ඒ වුණාට සමහරුන්ට ඇත්තේ විශාල හිසක්! පුංචි සිරුරක්! මට උඹේ සිරුරය, ඔළුවයි පෙන්නනවද? මං පිටත්වෙලා යන්නට ඉස්සර!

දැන් අන්ධයායි, බිහිරයි මොකද කළේ කියා දන්නවාද? තරමක සරබර ශබ්දයකුත් සමගින් ඔවුන් අර කළු පැහැ විශාල මුට්ටිය තල්ලු කළා.

“ඇත්තට මට වැටහෙන විදියට භක්ෂසට මගේ තාත්තාට විශාල ශරීරෙකුයි, විශාල ඔළුගෙඩියකුයි ඇතිවා වගේ…! මාව ගිල දමන්න තරම් සුවිශාල ශරීරයක්…!

“මං මෙතැනින් පිටත්ව ගියා නම් හොඳයි!”

ඒත් හිතේ පොඩි සැක සංකාවකුත් නොතිබ්බ නොවෙයි. එනිසා රාක්ෂසයා හයියෙන් කෑ ගසා මෙසේ කීවා.

“අනේ භක්ෂස තාත්තේ, අලි ඔළුවකුයි, අලි ශරීරයකුයි ඇත්ත වශයෙන්ම තියෙනවා. එක දෙයක්… මං පිටත්වන්න කලින් භක්ෂක පියාණන් මොන විදියට නාද කරනවාද කියා මට ඇසන්ට සලස්වන්න…”

දැන් එළැඹ ඇත්තේ අන්ධ මිනිසාගේ වාරයයි. ඔහුගේ උපාය උපක්‍රම ඉතා කපට ලෙස ක්‍රියාත්මකයි. මෙහිදීත් ඔහු හොඳ උපායශීලී කාර්යයක් කළා. තමාගේ ඉණෙහි රඳවා සිටි දුම්කුඩු පෙට්ටිය එළියට ගත්තා. කලින් ඒ පෙට්ටියට දමාගත් කළු කූඹි එකින් එකා බැගින් අරගෙන, අසරණ බූරුවාගේ කන් දෙකේ සිදුරුවලට දැම්මා. බූරුවාට දැනුණ රිදුම මෙතෙකැයි කීමට බැහැ. සතා හොඳටම බියපත් වුණා. බූරුවා මහා හයියෙන් මොර ගෑවා. හඬ තැළුවා. බූරුවාගේ කන් දෙක තුළ කූඹි තොවිල් නැටිල්ලේ ප්‍රතිඵලය!

“ඊ ඕ! ඊ ඕ! ඊ ඕ!”

මේ වියරු හඬ ඇසුණ රාක්ෂසයා පැත්ත පළාතක නොසිට පලාගියා. “අපොයි ඇති! අපොයි ඇති! භක්ෂක පියාණන් හඬවල් අතර මෙහෙව් හඬක් ඇහැව්වාමයි. හප්පා මේ වගේ දුස්සාධ්‍ය හඬක් අහලා මං කීකරු බවට පත්වුණ තරමයි.”

රාක්ෂසයා ඇත්තටම යන්න ගියා. ස්ථිරවම එය දැනගත්තාම කූඹි පස්දෙනා බූරුවාගේ කන් දෙකෙන් එළියට ගනු ලැබුවා.

ඉතින් අන්ධ මිනිසායි, බිහිරි මිනිසායි දෙන්නාම රාක්ෂ භවනෙ (ගෙදර) සාමයෙන් සහ සැප පහසුවෙන් රාත්‍රිය ගත කළා.

“කොයි තරම් වියරු විදුලිය කෙටිල්ලක් ද? අපි කඩිනමින් හෙවණක් සොයා යමු”

මේ කතාව අසා සිටි අන්ධ මිනිසා කීවේ, “මට නම් පේන්නේ නැහැ විදුලිය කෙටිල්ල ඒ තරම් වියරුය කියා… අපි ඉක්මනින්ම හෙවණකට යමු…”

ඒ තරම් දුරක් යන්නට ඉස්සර උස් ගොඩනැඟිල්ලක් සමීපයට මේ මිත්‍රයන් දෙන්නා ළඟාවුණා. ඇස් පෙනෙන නිසා බිහිරි මිනිසාට මේ ගොඩනැඟිල්ල පෙනුණේ මාහැඟි පන්සලක් වගෙයි.

මිත්‍රයන් දෙන්නා රාත්‍රිය මෙහි ගත කරමු’යි සම්මුතියකට ආවා. ඔවුන් කිසි ඇහිල්ලක් බැලිල්ලක් නැතිව ගොඩනැඟිල්ල ඇතුළතට ගියා. බූරුවා ද ඇතුළතට කැඳවා ගත්තා. අර ලොකු මැටි මුට්ටියත් එහෙමම තිබුණා. දොර වසා ගත්තා.

එනමුදු මිත්‍රයන් දෙදෙනාට පොඩි අත්වැරැද්දක් සිදුවුණා වගෙයි. ඒ පන්සලකුත් නොවෙයි. ඇත්ත කතාව වෙන එකක්. මේ වාසස්ථානය මහා බලගතු රාක්ෂසයකුගේ. මේ මිත්‍රයන් දෙන්නයි, බූරුවයි ගෙතුළට ගිහින් දොර වසාගෙන ගත වුණේ මහ වෙලාවක් නොවෙයි.

රාක්ෂසයා ගෙදර ඇවිත් ඔහු බැලුවා. ඇයි මේ ගෙදර ඇතුළතින් අගුළු දමා තිබෙන්නේ කියා. ඒ විතරද? ගෙතුළ මිනිසුන් එහා මෙහා ඇවිදින හඬකුත් ඇසෙනවා. “හෝ හෝ” රාක්ෂසයා තමාටම කියා ගත්තා. “කවුරු හරි ගෙට රිංගලා. ඒ වගේ තේරෙන්නේ… මං මොවුන් හීනියට පෙති ගහල හොඳ හොද්දක් හදන්නම්කෝ’ රාක්ෂසයා ඊළඟට මහා ගෙරවුම් හඬට වැඩි ගෙරවිල්ලක් ගෙරවිල්ල මැද මෙහෙමත් කීවා.

“මගෙ වාස භවනෙට මගෙ ගෙදරට ඇතුළු වෙන්න ඉඩ දීපල්ලා… නීචයිනි ඇතුළට යන්න ඉඩ දීපල්ලා”

රාක්ෂසයා දොරට තඩි බෑවා. නැවත නැවත පහර දුන්නා. ඔහුගේ ශක්තිමත් බාහු යුග්මයෙන්.

රාක්ෂසයාගේ හඬ රාවය ඉතා තියුණුයි. ඔහුගේ පෙනුම වඩාත් බිය දනවනසුලුයි. භයංකාරයි. ඇස් පෙනීම ඇති බිහිරි මිනිසා බිත්තියේ සිදුරකින් එබී බැලුවා. ඔහු දුටු දෙයින් කොයි තරම් බියට පත් වුණාද කියතොත්, කරකියා ගතයුතු කිසිත් සිතාගන්න බැරි වුණා. හැබැයි දෙනෙත් අන්ධ මිනිසා ඉතා නිර්භීතයි, එඩිතරයි. ඔහුට කිසි දෙයක් පෙනෙන්නෙත් නැහැ නේ. ඔහු ප්‍රධාන දොරටුව සමීපයට ඇවිද ගියා. ඔහු මහ හඬින් රාව ප්‍රතිරාව නංවමින් කතා කළා.

“මොකාද යකෝ දොරට තඩි බබා මහ හයියෙන් ගිරිය කඩන් කෑගහන්නේ…?? මේ රෑ දෙගොඩ හරියෙ…”

“මං රාක්ෂසයා යකෝ” රාක්ෂසයා ඒ කතාව අසා කෝපයෙන් පිපිරෙමින් හඬ තැළුවා. “අනික යකෝ මේ මගේ ගෙදර… මගෙ වාසභවන. මොකා වුණත් දොරටුව ඇරපිය මේ දැන්මම. නැත්නම් මං තෝව මරා දමනවා.”

මේ සියලු අව්අස්සෙ, මේ හැම දෙයක්ම වෙව්ල වෙව්ලා බලා සිටියේ බිහිරි මිනිසායි. හැබැයි අන්ධ මිනිසා තවත් එඩිතර බවින් ආයෙමත් මෙහෙම කීවා. “උඹ රාක්ෂසයෙක්ද? මං රාක්ෂසයො මරා කන පරාස්සයෙක්. මං භක්ෂස රාක්ෂයන්ටත් වඩා භයානකයි.”

“භක්ෂස…” රාක්ෂසයා පිටත සිට ගෙරවුම් හඬින් ප්‍රශ්න කළා. “භක්ෂස… මේ මොන විකාරයක්ද? කොයි ලෝකෙ ඉඳන් ආවාද…?”

“පලයන් යන්න අන්ධ මිනිසා උත්තර දුන්නා.

පණට ආදරේ නම්, මීට වඩා කරදර කරන්න හිතන්නෙපා නැත්නම් තට මම දඬුවම් කරනවා.

“දැන ගනිය මං තමයි භක්ෂස!

භක්ෂස කියන්නේ රාක්ෂසයන්ගේ පියාණන් බව!”

“අපේ තාත්තා? රාක්ෂසයා පිළිතුරු දුන්නා.

“එලොව මෙලොව කොයි ආකාරෙන්ද ‘මගේ පියාණන්” වුණයි කියන්නේ?”

“මේ නම් හරිම හතරබීරි කතන්දරයක්!”

advertistmentadvertistment
advertistmentadvertistment