ඉන්දියාවෙන් ගුවන් හමුදාවට සැහැල්ලු ගුවන් යානයක්

651


වෙරළාරක්ෂක නිරීක්ෂණ කටයුතු සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව භාවිතා කරන 228 වර්ගයේ සැහැල්ලු ගුවන් යානයක් ඉන්දියානු රජය විසින් ලබා දුන්නේය.එය අද නිල වශයෙන් භාරදීම කටුනායක ගුවන් හමුදා හමුදා කඳවුරේදී සිදු විය.ඒ සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා සහභාගී විය.මෙම ගුවන් යානය ලබා දුන්නේ පසුගිය වසරේ ලබාදුන් මෙවැනි ගුවන් යානයට ආදේශකයක් ලෙසිනි.මෙම ගුවන් යානා වසරකට වරක් අනිවාර්ය නඩත්තු කටයුතු සිදු කළ යුතය. එබැවින් පසුගිය වසරේ ලබා දුන් මෙවැනි ගුවන් යානයේ නඩත්තු කටයුතු සිදු කිරීම වෙනුවෙන් මෙම ආදේශක ගුවන් යානය ලබාදීම සිදු විය.

advertistmentadvertistment
advertistmentadvertistment