ඉන්දියාවේ සුළු ජාතික පන්සලකට මෝටාර් ප්‍රහාරයක්

585

ඉන්දියාවේ කැෂ්මෝර්හි බග්හර්ජි සුලු ජාතික ප්‍රජාවට අයත් ගුල්ෂාන් දෙර් බාබා සන්වාල් ෂාහා පන්සලට කොල්ලකරුවන් පිරිසක් මෝටර් ප්‍රහාරයක් එල්ල කර ඇත.මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ එහි බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් පැවති වාර්ෂික රැස්වීම අතරතුරදීය. මෙම එල්ල කළ මෝටර් උණ්ඩ පිපිරීමක් සිදුව නැතත් ප්‍රහාරය නිසා පන්සලේ තාප්පයකට හානි සිදුවී ඇතැයි පොලිසිය පවසයි.එසේම කොල්ලකරුවන් පන්සලේ භාරකාරත්වය දරණ බගවානෝ දාස් සහ රෙවාරි කුමාර් ඇතුළු පිරිසගේ නිවාස වෙතද ප්‍රහාර එල්ල කර තිබේ.සිද්ධිය සම්බන්ධයෙන් කැෂ්මෝර්හි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉර්ෆාන් සැමෝ ගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණයක් සිදු කරනු ලබයි.


advertistmentadvertistment