ඉන්දියාව සමග අවසන් සටනට එන කණ්ඩායම අද තීරණය වේ

138

2024 යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සමග අවසන් මහා තරගයට සුදුසුකම් ලබන්නේ කවුරුන්ද යන්න අද (08 වැනිදා) තීරණය වේ.

තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය ලෙස ඔස්ටේ්‍රලියාව සහ පාකිස්තානය අතර අද පැවැත්වෙන තරගයෙන් ජයග්‍රහණය කරන කණ්ඩායම ඒ අනුව ඉන්දියාව සමග අවසන් මහා තරගයට පිවිසෙනු ඇත. පළමු අවසන් පූර්ව තරගය ලෙස සත්කාරක දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව අතර පෙරේදා පැවැති තරගයෙන් කඩුලු දෙකක තියුණු ජයග්‍රහණයක් ලබමින් ඉන්දියාව අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය. අවසන් මහා තරගය ලබන 11 වැනිදා දකුණු අප්‍රිකාවේ බෙනෝනි හිදී පැවැත්වීමට නියමිතය.


advertistmentadvertistment