ඉන්දීය එක්සිම් බැංකුව සමග ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 930.8 ක ගිවිසුම් අත්සන් කරයි

73

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය යටතේ ඉන්දියාවේ අපනයන සහ ආනයන බැංකුව (එක්සිම් බැංකුව) සමග ඇමෙරිකානු ඩොලර් මිලියන 930.8 ක් වටිනා ද්විපාර්ශ්වික සංශෝධන ගිවිසුම්වලට අත්සන් කළ බව මුදල් අමාත්‍යාංශය පවසයි.

2021-22 වකවානුව තුළ ශ්‍රී ලංකාව මුහුණ දුන් ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයේ උච්චතම අවස්ථාවේ දී ඉන්දියාවෙන් ලද හදිසි ආධාර ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් යළි යථා තත්ත්වයට පැමිණීමට බෙහෙවින් උපකාරී වූ අතර එහිදී ලද බොහෝ ණය ආධාර ඉන්දියාවේ එක්සිම් බැංකුව හරහා සිදුකෙරුණි.

මෙම සංශෝධන ගිවිසුම් ඉන්දියානු රජය සමග ප්‍රතිව්‍යුහගත කරන ලද ඉන්දියානු ණය ක්‍රමයේ ගිවිසුම් 07 සහ ගැනුම්කරුවන්ගේ ණය පහසුකම් ගිවිසුම් 04 ක් වෙනුවෙන් මේ සංශෝධිත ගිවිසුම්වලට අත්සන් තබා ඇත.

ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා සහ ඉන්දියානු එක්සිම් බැංකුවේ සාමාන්‍යාධිකාරී නිර්මිත් වෙඩ් මහතා ඉන්දියානු ණය ක්‍රමයට අදාළ ගිවිසුම්වලට අත්සන් තැබූ අතර ඉන්දියානු එක්සිම් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අමිත් කුමාර් මහතා ගැනුම්කරුවන්ගේ ණය ගිවිසුම්වලට අත්සන් තබා ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත


advertistmentadvertistment