ඉන්දුනිසියාව චීනය සමග යුද අභ්‍යාසයක්

211

ඉන්දුනීසියාව චීනය සමග එක්ව සැප්තැම්බර් මස 18 දා සිට 25 දා තෙක් දකුණු චීන මුහුදේ ඒකාබද්ධ යුද අභ්‍යාසයක් පැවැත්වීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ගිණිකොණ දිග ආසියානු ජාතීන්ගේ සංවිධානය (ASEAN) සමග පළමු වරට මෙම යුද අභ්‍යාසය පවත්වන බවද පවසයි. මෙම යුද අභ්‍යාසය සදහා ඉන්දුනීසියාව, වියට්නාමය,මැලේසියාව, බෲනායි සහ පිලිපීනය යන රටවල් එක් වෙති.නමුත් කාම්බෝජියාව සහ මියන්මාරය මෙම යුද අභ්‍යාසය සදහා සහභාගී නොවෙති. මෙම යුද අභ්‍යාසය සදහා යුද හමුදාව, නාවික හමුදාව සහ විශේෂ බලකාය එක් වෙන බවද සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් ඇමෙරිකාව දැඩි අවධානයක් යොමු කර ඇත. චීනය දකුණු චීනයේ සමුද්‍ර නීති නිසි ලෙස පිලිපදින්නේ නැතැයි ද චෝදනා එල්ල වී තිබේ. මෙම යුද අභ්‍යාසය ස්වාභාවික ආපදා වලට මුහුණ දෙන ආකාරය සම්බන්ධයෙන් වැඩිදුර පුහුණුවක් බව ඉන්දුනීසියාවේ ආරක්ෂක මාධ්‍ය ප්‍රකාශක රියර් අද්මිරාල් ජුලියස් විද්ජෝජෝනෝ පවසයි. මෙම යුද අභ්‍යාසය සටනකට නොව ජනතාව වෙනුවෙන් යැයි ද සදහන් කරයි.


advertistmentadvertistment