ඉන්දු පාකිස්තාන් උණුසුම නිවන්න ඉරානය මැදිවෙයි

114

ක්‍රමයෙන් වැඩි වන ඉන්දු පාකිස්තාන යුද උණුසුම දුරු කිරීම සඳහා ඉරානය රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීමක් සිදු කිරීමට සූදානම් වේ.

ඒ අනුව ඉරාන විදේශ ඇමැති අබ්බාස් අර්ග්චී මේ සතියේ ඉන්දියාවට පැමිණීමට නියමිතව තිබේ.

අප්‍රේල් 22 වැනිදා පහල්ගාම් හි ත්‍රස්ත ප්‍රහාරය සිදුවී දින කිහිපයක් ගෙවෙද්දී ඉන්දියාව හා පාකිස්තානය අතර ගැටුමකට මුල පිරෙද්දී ඉරානය මේ සඳහා සාකච්ඡා විසඳුමක් වෙනුවෙන් තමන් මැදිහත්වීමට සූදානම් බව ප්‍රකාශ කර තිබිණි.

ඒ අනුව ඉරාන විදේශ ඇමැතිවරයා ලබන 08 වැනිදා දිල්ලියට පැමිණීමට නියමිතය. ඉරාන ඇමැති ඉන්දීය විදේශ ඇමැති එස්. ජයිශන්කර් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

චතුර පමුණුව


advertistmentadvertistment