ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමට සැරසේ

109


අධිකරණ විනිසුරුවරියකට තර්ජනය කිරීමේ සිද්ධියක් ඇතුළු චෝදනා කිහිපයකට පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඉදිරි පැය කිහිපය තුළ අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහිදී ඇප දිය නොහැකි අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කිරීමට ද නියමිතව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.

තමා අදාළ චෝදනා වලින් නිදහස් කරන ලෙස ඉල්ලා ඉම්රාන් ඛාන් ඉස්ලාමාබාද් අධිකරණයකට පසුගිය දා පෙත්සමක් ගොනු කර තිබූ අතර එම තින්දුව ලබාදීම අධිකරණය විසින් කල් තබනු ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment