ඉදිරියේදී පැවැත්වීමට නියමිත පස්වැනි අබුඩාබි ටී10 තරගාවලියේදී බංග්ලා ටයිගර්ස් කණ්ඩායමට කී‍්‍රඩා කිරීම සඳහා ශී‍්‍ර ලංකාවේ හිටපු තුන් ඉරියව් කී‍්‍රඩක ඉසුරු උදානට අවස්ථාව උදා වී තිබේ. නිමාවට පත් වූ කැරිබියන් පි‍්‍රමියර් ලීග් තරගාවලියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් ඉසුරු උදානට මෙම අවස්ථාව ලැබී තිබේ.
අවසන් වරට පැවැති අබුඩාබි ටී10 තරගාවලියේදී පස්වැනි ස්ථානයට පත්වන්නට බංග්ලා ටයිගර්ස් කණ්ඩායම සමත්විය. එම තරගාවලියේදී ද ඉසුරු උදානව එම කණ්ඩායමට තෝරාගෙන තිබුණද එ් සඳහා සහභාගි වීමට උදානට හැකියව නොලැබිණි.
කෙසේ වෙතත් නිමාවට පත් වූ කැරිබියන් පි‍්‍රමියර් ලීග් තරගාවලියේදී ඉසුරු උදාන ටි‍්‍රන්බගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම නියෝජනය කරමින් තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දැක්වීමට ඉසුරු සමත්විය. එ් අනුව එම තරගාවලියේදී ටි‍්‍රන්බගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම අවසන් පූර්ව වටය දක්වා එ්මට සමත්වූ අතර උදාන එහිදී තරග 7කදී කඩුලූ 11ක් දවා ගැනීමට සමත් විය.
පසුගිය ඉන්දීය තරගාවලියෙන් පසු ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් සමගත් ඉසුරු උදාන ලීග් තරගාවලි ඉලක්ක කරගනිමින් එ් සඳහා වැඩි අවධානයක් යොමු කළේය. අබුඩාබි ටී10 තරගාවලිය ලබන නොවැම්බර් මස 19 වැනිදා සිට දෙසැම්බර් 04 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වේ.
|