ලබන වසරේදී ශ‍්‍රී ලංකා පිලට ඉන්දියාවේ තරග සංචාරයක්

351

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම ලබන වසරේදී (2022) ඉන්දියාවේ තරග සංචාරයක නිරතවීමට නියමිතව ඇති බවට වාර්තාවේ. ලබන වසරේ ඉන්දීය කණ්ඩායමේ තරග කාල සටහන පසුගියදා (18 වැනිදා* ප‍්‍රකාශයට පත්කළ අතර ඊට ශී‍්‍ර ලංකාව සමගින් ටෙස්ට් සහ විස්සයි විස්ස තරගාවලියක් ඇතුළත්ව ඇති බවට එරට මාධ්‍ය වාර්තා කර සිටී.

නිකුත් කර ඇති එම කාල සටහනට අනුව ලබන වසරේ පෙබරවාරි සහ මාර්තු මාසයේදී ශී‍්‍ර ලංකාව සමගින් තරගාවලියක් කී‍්‍රඩා කිරීමට ඉන්දියාව සැලසුම් කර තිබේ. ඊට ටෙස්ට් තරග 3ක් විස්සයි විස්ස තරග 2ක් ඇතුළත්ව ඇති බවට වාර්තා වේ. එම ටෙසට් තරගාවලිය ලෝක කුසලාන ටෙස්ට් තරගාවලියේ දෙවැනි අදියරට ඇතුළත්ව ඇති බවටද එහිදී වැඩිදුරටත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටී.

ලෝක කුසලාන ටෙස්ට් තරගාවලිය ලබන 2023 වසරේ මාර්තු මාසය දක්වා පැවැත්වෙන අතර එ් අතරවාරයේදී ශී‍්‍ර ලංකා කණ්ඩායම ඉන්දියාවට අමතරව ඔස්ටේ‍්‍රලියාව, පාකිස්තානය, බටහිර ඉන්දීය කොදෙව්, බංග්ලාදේශ සහ නවසීලන්තය සමගින් ටෙස්ට් තරගාවලි කී‍්‍රඩා කිරීමට නියමිතව තිබේ.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment