බෙලිඅත්තේ ඝාතකයෝ හඳුනාගනිති

986

අත්අඩංගුවට ගන්න පොලිස් කණ්ඩායම් 6 ක්

බෙලිඅත්තේ ඝාතකයින් ඩිෆෙන්ඩරය හඹාගිය හැටි සීසීටීවි කැමරාවක සටහන්ව තිබු අයුරු…

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම අසලදී අපේජනබල පක්‍ෂයේ නායක සමන් පෙරේරා ඇතුළු පුද්ගලයන් 5 දෙනෙක් වෙඩිතබා ඝාතනය කළ පාතාල කල්ලි සාමාජිකයන් තිදෙනා හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 6 ක් පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.

ඝාතකයන් පැමිණි පැජරෝ ජීප් රථය ද මේ වනවිට හඳුනාගෙන ඇති අතර එය අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ද ක්‍රියාත්මක කර තිබේ.

බෙලිඅත්තේ ඝාතකයෝ හඳුනාගනිති

මෙම පංච පුද්ගල ඝාතනය සඳහා පැමිණි ඝාතකයන් අතරින් එක් අයකු කඹුරුපිටිය නගරයේදී ජීප් රථයෙන් බැස යන ආකාරය සීසීටීවී කැමරාවල සටහන්ව තිබියදී සොයාගෙන ඇත.

පොලිසිය සැක පහළ කරන්නේ ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින කොස්ගොඩ සුජී නමැති පාතාල නායකයාගේ නියෝග මත මෙම පංච පුද්ගල ඝාතනය සිදුකර ඇති බවටයි.

කුලී ඝාතකයන් පිරිසක් මෙම ප්‍රහාරය සඳහා යොදාගෙන ඇති බව ද පොලිසිය හෙළිකරගෙන ඇත. අපේ ජනබල පක්‍ෂයේ නායක සමන් පෙරේරා ඇතුළු 05 දෙනෙක් තංගල්ල අධිකරණයේ විභාග වන නඩුවකට ඉදිරිපත්වීම සඳහා යමින් සිටියදී බෙලිඅත්ත අධිවේගී පිවිසුම ඉදිරිපිටදී පෙරේදා පෙරවරුවේ ඝාතනයට ලක්විය.

ජීප් රථයක පැමිණි පුද්ගලයන් තිදෙනෙක් ටි 56 අවි යොදාගෙන මෙම ප්‍රහාරය එල්ල කර තිබිණි.

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ විමර්ශන පැවැත්වෙයි.
හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment