රටක ජනතාවගේ බලය නැතිවූ විට  ඔවුන්ගේ අපේක්ෂා බිඳ වැටෙනවා

106

මෙම ක්‍රමය වෙනස් කරන්නත් ජනතාවම එක්විය යුතුයි

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය

මැතිවරණට පෙර ජනතාවට බලය තිබෙනවා. මැතිවරණයෙන් පසුව ජනතාවට බලයක් නෑ. 1994, 2015, 2019 වර්ෂවල වුණේ බලයට පත් වුණාම ජනතාවට බලයක් නැතිකම. එම නිසා ජනතාවගේ අපේක්ෂාවන් බිඳ වැටුණා. මෙය වෙනස් කළ යුතුයි. ඒ සඳහා ජනතාව එක්විය යුතුයි. ජාතික ජන බලවේගය විදියට ව්‍යවස්ථාව තුළ පුරුවැසියාට බලපෑම් කිරීමට ජනතාවට අවශ්‍ය මොනවා ද යන්න අපි ළඟ තියෙනවා. නව ව්‍යවස්ථාවකට මේවා ඇතුළත් කිරීමේ දී කාලයක් යනවා. එම නිසයි ජාතික ජන බලවේගය කොට්ඨාස සභා පිහිටුවා පුලුවන් තරම් බලපෑම් කිරීමට යන්නේ. හුදෙක් කොට්ඨාස සභා යනු අනෙකුත් පක්ෂවල සිදු කරන ශාඛා සමිතියක් නොවෙයි. අනාගත දේශපාලන වැඩ පිළිවෙළක් සඳහා සකස් කරන වැඩපිළිවෙළක් යැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය මහත්මිය පැවසීය. ඒ මහත්මිය මෙසේ පැවැසුවේ කෑගල්ල, නිල්වක්ක ප්‍රදේශයේ නිල්වක්ක කොට්ඨාස සභාව පිහිටුවීමේ අවස්ථාවට එක් වෙමිනි.

එහි දී තවදුරටත් අදහස් දැක් වූ මන්ත්‍රීවරිය මෙසේද පැවසීය.

ආණ්ඩු තීරණ ගන්නවා. එහි විපාක අද සියලු දෙනාටම ලැබිලා තියෙනවා. අද ජනතාව සෑම අතින්ම පීඩාවට පත් වෙලා . අද ළමා මන්දපෝෂණය අතින් ඉහළ මට්ටමකට ඇවිල්ලා තියෙනවා. අපේ රටේ පාලකයන් මේවාට මොනවා ද කලේ. අපි දන්නවා බංගලිදේශය ස්වභාවික විපත් නිසා ඉතාම දුක්ඛිත තත්වයටපත් වෙලා තිබුණු රටක්. අද වෙනකොට දියුණු වුනේ රටේ පාලකයන්ගේ වංචා දුෂණ නැති නිසයි. අපේ රට මේ තත්වයට වැටෙන්න වගකිව යුතු පිරිසක් ඉන්නවා. ඒ පිළිබඳව ඔබ තීරණය කරන්න. ඔබ ඊළඟට බලයට පත් කරන්නේ කවුරුන්දැයි තීරණය කරන්න. පාලකයන්ට වැරදි පෙන්වා දෙන්න. අද ආණ්ඩුව ජනතාව නැගිටීම මර්දනය කිරීමට කටයුතු කරනවා හමුදාව හා පොලීසිය හරහා. අධිකරණයට ගියාම පොලීසිය හමුදාව විවේචනයට පත් වෙනවා. අරගලයත් මැඬ පැවැත්වීමට කටයුතු කරනවා.

අපි අපේ නිෂ්පාදන ආර්ථිකයක් ගොඩ නගාගත යුතුයි. එය වර්තමානයට අනුව වෙනස් කළ යුතුයි. ඒ සඳහා උගත් බුද්ධිමත් ජනතාවක් අවශ්‍යයයි. ඉදිරියේ මෙම තත්වය මැතිවරණයක දී වෙනස් කිරීමට සියලු දෙනා එක්ව කටයුතු කරමු යයි ද පැවැසීය.

මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ විධායක සභික, ජනතා විමුක්ති පෙරමුණේ කෑගල්ල දිස්ත්‍රික් නායක වෛද්‍ය ධම්මික පටබැදිගේ, එක්සත් වාමාංශික පෙරමුණේ නියෝජ්‍ය ලේකම්, ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් විධායක සභික සනත් පතිරණ, ජාතික ජන බලවේගයේ විධායක සභික, ජනතා විමුක්ති පෙරමුණේ කෑගල්ල ආසන සංවිධායක ප්‍රභාත් නානායක්කාර යන අය ද සහභාගි වී සිටියහ.

වසන්ත සමරවර්ධන – බුලත්කොහුපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment