මහ බැංකු පාලක මණ්ඩලයෙන් සංජීව ජයවර්ධන අස්වෙයි

86

ශ්‍රී ලංකා මහ බැංකුවේ පාලක මණ්ඩලයේ සාමාජික ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා එම සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී ඇතැයි ‘දිවයින’ට වාර්තා වේ.

සංජීව ජයවර්ධන මහතා මීට පෙර පැවති ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ සාමාජික ලෙස ද කටයුතු කළේය. ඔහු පෙර පැවති මුදල් මණ්ඩලයේ සාමාජිකයන් අතුරින් නව පාලක මණ්ඩලයට පත් වූ එකම මුදල් මණ්ඩලයේ සාමාජිකයා ද වෙයි.

ඒ මහතා 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත අනුව පිහිටුවන ලද නව ශ්‍රී ලංකා මහ බැංකු පාලක මණ්ඩලයේ සාමාජිකයකු ලෙස ද පත්වූ අතර ඔහු 2023 සැප්තැම්බර් 21 දින පවත්වන ලද මහ බැංකු පාලක මණ්ඩලයේ සමාරම්භක රැස්වීමට ද සහභාගි විය.

සංජීව ජයවර්ධන මහතා ඉල්ලා අස්වූයේ කවර හේතුවක් මත ද යන්න දැන ගැනීමට නැත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment